
මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ඉංජිනේරු ශිල්පීන් හා තාක්ෂණ සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
2024 වර්ෂයේ සිදු කිරීමට නියමිත මධ්‍යම පළාතේ සංවර්ධන වැඩකටයුතු කාර්යක්ෂමව හා ඵලදායිව සිදුකිරීම වෙනුවෙන් මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතනවල සේවයේ නියුතු ඉංජිනේරු ශිල්පීන් හා තාක්ෂණ සේවා නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පසුගිය (24) මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම වැඩසටහනේ දී ප්‍රාග්ධන ආයෝජන අරමුදල් හා නඩත්තු කටයුතු මෙන්ම ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කාර්යයන් කඩිනමින් නිශ්චිත කාලවකවානු තුළ සාර්ථකව ප්‍රතිඵලදායී ලෙස අවසන් කිරීමේ කාර්ය සඳහා වැඩි දායකත්වයක් තාක්ෂණ සේවයේ නිලධාරීන්ගෙන් අපේක්ෂිත අතර ඒ සඳහා පූර්ව සූදානම් වීම සඳහා උපදෙස් ලබාදීම සිදුවිය.
ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් සංවර්ධන වසරක් ලෙස නම්කර ඇති මෙම වර්ෂය තුල මධ්‍යම පළාතේ පළාත් පාලන ආයතන මගින් සිදුකරන විශාල කාර්යභාරය ජනතාව වෙත වඩා සමීප කිරීමේ අරමුණ ඇතිව ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නැගීමට නියමිත අතර, මුදල් කොමිෂන් සභාවෙන් ලැබෙන අරමුදල්, විදේශ ආධාර මත ලැබෙන මුදල්, පළාත් පාලන ආයතන සතු අරමුදල්, නිශ්චිත නොවූ විවිධ අරමුදල් වලින් ලැබෙන මුදල්, හා සම්බන්ධීකරණ කමිටුව මගින් ලැබෙන අරමුදල් ඒකාබද්ධව පළාතේ වසර දෙකක් තුළ සිදු නොවූ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීමට අපේක්ෂා කෙරේ.
මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි පිහිටි පළාත් පාලන ආයතන හතළිස් හතක් වෙනුවෙන් විවිධ මූල්‍ය ප්‍රභවයන් මගින් මෙවර රුපියල් මිලියන 2448 ක මුදලක් හඳුනාගත් ව්‍යාපෘති සඳහා වෙන් කිරීමට තීරණය කොට ඇති බව පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය මෙහිදී පැවසීය.
මෙහිදී පළාතේ තාක්ෂණ සේවා නිලධාරීන් ගැටළු, පොදු අරමුණු ජයගැනීම වෙනුවෙන් පවතින අවහිරතා පිළිබඳව ද කරුණු සාකච්ඡා කළ අතර 2024 වර්ෂයේ අපේක්ෂිත ඉලක්ක ජයගැනීම සඳහා කාර්යය ආරම්භ කිරීමට අවශ්‍ය උපදෙස් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා විසින් ලබාදෙන ලදී.
මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් ,පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, නියෝජ්‍ය පළාත් පාලන කොමසාරිස් ජී.ඩබ්.එල්.අත්තනායක, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) ඩබ්.විජේකෝන් , ආණ්ඩුකාර සහකාර ලේකම් මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන්, පළාත් ඉංජිනේරු සේවා අධ්‍යක්ෂ , සහකාර පළාත් පාලන කොමසාරිස්වරුන්, ඉංජිනේරුවන්, තාක්ෂණ ශිල්පීන් හා තාක්ෂණ සහායක ශිල්පීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.