
කෘෂිකර්ම අමාත්‍යාංශයේ පරිසර අංශය මගින් උඩුනුවර වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයෙහි දරුවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක්.
ධ්‍යම පළාත් සභාවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ පරිසර අංශය මගින් උඩුනුවර වෙලම්බොඩ මුස්ලිම් මහ විද්‍යාලයෙහි දරුවන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක් ඉකුත්දා පවත්වනු ලැබීය.
මෙහි සම්පත් දායකත්වය මධ්‍යම පළාත් සභාවේ නැනෝදා කාර්මික පුහුණු ආයතනයේ කළමනාකරු ශාන්ත කුමාර මහතා හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරීනී ප්‍රියංකා විජේතුංග මහත්මිය විසින් සිදු කරනු ලැබීය.
සංචාරක ප්‍රවර්ධනය හා ඒ හා සම්බන්ධ වටිනාකම් පිළිබඳ දේශනයක් මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීනි ධම්මිකා ජයසේන මහත්මිය විසින් සිදු කරනු ලැබීය.
මෙම විද්‍යාලය පරිසර හිතකාමී විද්‍යාලයක් ලෙස සංවර්ධනය කිරීමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.