
මහනුවර බහු විධ ප්‍රවාහන පර් යන්තයේ ඉදිකිරීම් සුබ මොහොතින් මුල පුරයි.
මහනුවර බහු විධ ප්‍රවාහන පර් යන්තයේ ඉදිකිරීම් සුබ මොහොතින් මුල පුරයි.
මහනුවර මහා නගර සංවර් ධන සැලැස්මේ සහ විසල් මහනුවර ව්‍යාපෘතියේ විශාලතම යෝජනා ක්‍රමය වූ මහනුවර බහු විධ ප්‍රවාහන පර් යන්තයේ ඉදි කිරීම් කටයුතු පසුගිය 27 වනදා මහාමාර් ග හා ප්‍රවාහන, ජනමාධ්‍ය අමාත්‍ය ආචාර් ය බන්දුල ගුණවර් ධන හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ යන මහත්වරුන් ගේ සුරතින් ආරම්භ කෙරෙණි.
විධිමත් වූ ප්‍රවාහන සේවාවක් පොදු මගී ජනතාවට ලබා දීම තුලින් පොදු ප්‍රවාහන සේවා භාවිතය 60 % කින් ඉහල නැංවීම ප්‍රධාන අරමුණ වූ මෙම ව්‍යාපෘතිය මහාමාර් ග හා ප්‍රවාහන අමාත්‍යංශයේ යටතේ මාර් ග සංවර් ධන අධිකාරිය මගින් පිහිටුවා ඇති ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ පුර් ණ අධික්ෂණය යටතේ මාගා කොන්ත්‍රාත් සමාගම වෙත මෙහි ඉදිකිරීම් පවරා ඇත. එහි වියදම රුපියල් බිලියන 22.4 කි. 2026 වසරේ දෙසැම්බර් අගවන විට මෙහි ඉදි කිරීම් නිම කිරීමට නියමිතවේ.
ප්‍රධාන සංරචක 05 ක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති මෙම ව්‍යාපෘතියේ පලමු අදියරේ දී මහල් තුනකින් යුතු ප්‍රධාන බස් පර් යන්ත ගොඩනැගිල්ල ඉදී කෙරේ. දෙවනුව KMTT ප්‍රධාන ගොඩනැගිල්ල, බස් රථ නැවැත්වීමේ ගොඩනැගිල්ල, කඩ සාප්පු සහිත මගී පිවිසුම් ආකේඩ් ගොඩනැගිල්ල, රෝහල සහ පේරාදෙණිය මාර් ගය යාකෙරෙන මගී ගුවන් පාලම සහ මැද ඇල ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
KMTT යන කෙටි නමින් හදුන්වනු ලබන මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන පරමාර් ථය වන්නේ මහනුවර නගරය පුරා විසිරි ඇති තාවකාලික බස් රථ පර් යන්ත එකම වහලක් යටට ගෙන එමින් පොදු ප්‍රවාහන සේවා ලබා ගැනීම සදහා මගින් අනවශ්‍ය ලෙස නගරයේ විදි අතර ගමන් කිරීම අවම කිරීමය. අමතරව ජාතික රෝහල වෙත දිනපතා පළාත් 05 කින් ප්‍රතිකාර සහ සායන සදහා පැමිණෙන ජනතාවට බස් නැවතුම, දුම්රිය ස්ථානය හා රෝහල අතර කඩිනමින් ගමන් කිරීමට පහසුව සැලසේ.මිට අමතරව පර් යන්ත අභ්‍යන්තර ප්‍රවේශ මාර් ග පද්ධතියක් සහ ගුඩ්ෂෙඩ් බස් නැවතුම හරහා ගලා යන මැද ඇල කොටස සංවර් ධනය කොට ජල ගැලීම් අවම කිරීම ද තවත් කාර් යයකි.
මෙම ව්‍යාපෘතිය ලෝක බැංකු මුල්‍ය අනුග්‍රහය ලබා දෙන ව්‍යාපෘතියක් බැවින් ලෝක බැංකු සමාජ ආරක්ෂණ ප්‍රතිපත්ති වලට අනුකුලව සහ පාරිසරික පනත යටතේ ප්‍රකාශිත නිතී සහ නියාමන රාමු වලටත් , පරිසර ආරක්ෂණ ප්‍රතිපත්ති වලටත් අනුකුලව ක්‍රියාවට නැංවේ. දුම්රිය දෙපාර් තමේන්තුවේ විශාල භුමි ප්‍රමාණයක් මේ සදහා භාවිතයට ගනු ලබන බැවින් ඒ සදහා ද වැඩපිළිවෙලක් සැලසුම් කොට ඇත. මෙහි මුල් අදියරේ සිට කාන්තාවන්ගේ සහභාගිත්වය ලබා ගැනීමටත් , ඔහුනට සාධාරණත්වය සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීමටත් අවධානය යොමුව ඇත. ‘
මහා සංඝරත්නයේ ප්‍රධානව සියලු ආගමික ආශිර් වාදයන් මධ්‍යයේ පැවති කෙටි උත්සවයට ආයෝජන ප්‍රවර් ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ඇතුළු මහනුවර දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන්, ලෝක බැංකු නියෝජිත FEI DENG මහත්මිය , අමාත්‍යාංශ ලේකම් රංජිත් රුබසිංහ, ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ආරාධිත විශාල පිරිසක් එක් විය. මාර් ග සංවර් ධන අධිකාරියේ සභාපති චමින්ද ඇතුළුව ගේ, පළාත් අධ්‍යක්ෂ මහේන්ද්‍ර විජේපාල, ව්‍යාපෘති අධ්‍යක්ෂ ජේ.බී රත්නායක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ සහ අධිකාරියේ නිලධාරින් ද මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබිය.