සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

බලශක්ති විගණන වැඩසටහනක්.

බලශක්ති විගණන වැඩසටහනක්.

බලශක්ති විගණන වැඩසටහනක්. මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ පරිශ්‍රයේ පවතින ආයතනවල විදුලි පරිභෝජනය අවම කිරීම සඳහා ගත යුතු සුදුසු ක්‍රියාමාර්ග හඳුනාගැනිම සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ තාක්ෂණික සහයෝගයෙන් බලශක්ති විගණන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන යටතේ 2023 වර්ෂයේදි බලශක්ති විගණන නිලධාරීන් විසින් අධිසංවේදී තාක්ෂණික උපකරණ භාවිතා කරමින් විදුලි පරිභෝජනය පිළිබඳ තොරතුරු එක්රැස් කරමින් කාර්යක්ෂම විදුලි පරිභෝජනය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග හඳුනා ගැනින. එම බලශක්ති විගණන වාර්තාව අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කිරීම හා එම බලශක්ති විගණනය අනුව හඳුනාගත් ගැටළු අවම කිරීම සඳහා වන නිර්දේශ ඉදිරිපත් කිරීමේ වැඩසටහන අමාත්‍යාංශ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්ෂ ප්‍රසන්න මල්දෙණිය මහතාගේ සහ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජූඩ් සකරාජ මහතාගේ සම්පත්දායකත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ වන සියලුම ආයතනවල ප්‍රධානීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පසුගිය 26 දින අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook