
මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.
මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ආරම්භ කෙරේ.
මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ මුල් ළමාවිය ඒකකය මගින් ස්ථාපිත කරනු ලැබූ මධ්‍යම පළාත් ආදර්ශ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 30 දින කුණ්ඩසාලේ නව නගරයේ දී සිදු කෙරින.
මධ්‍යම පළාතේ දැනට ක්‍රියාත්මක වන හා ඉදිරියේදී කාලයේ ආරම්භ කරනු ලබන මුල් ළමාවිය මධ්‍යස්ථාන පවත්වාගෙන යනු ලබන මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන් ,කළමනාකරුවන් හා අයිතිකරුවන් හට ප්‍රශස්ත අන්දමින් හා නියමිත ප්‍රමිතීන්ට අනුකුලව තම මුල් ළමාවිය මධ්‍යස්ථානය පවත්වාගෙන යාමට ආදර්ශයක් සැපයීම මෙමගින් අපේක්ෂිත අතර , අනාගත අභියෝග ජයගත හැකි ප්‍රමිතිගත නිපුණතාවලින් යුක්ත දරු පිරිසක් විදිමත් පාසල් අධ්‍යාපන පද්ධතියට පලාතෙන් දායාද කිරීමේ අරමුණ ඇතිව , ජාතික අධ්‍යාපන නිර්ණායක මත පදනම්ව පළාතේ පවතින 3000 කට අදික වූ පුර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන වෙත නිවැරදි මගපෙන්වීම ලබාදෙමින් මෙම ආදර්ශ මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.
එසේම මුල් ළමාවිය සංවර්ධනය පිළිබදව වෘත්තිය සුදුසුකම් න්‍යායාත්මකව ලබාදෙන ආයතනවල අධ්‍යාපනය හදාරන්නන් හට අවශ්‍ය අධ්‍යාපන ප්‍රායෝගික පුහුණුව ලබාදෙන නියමු මධ්‍යස්ථානයක් ලෙසත්, මුල් ළමාවිය සංවර්ධනය විෂය සම්බන්ධයෙන් පර්යේෂණ සිදුකරන විද්වතුන්හට පහසුකම් සපයන මධ්‍යස්ථානයක් ලෙස ද මෙම ආදර්ශ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
මෙහිදී සර්ව ආගමික ආශිර්වාදය මධ්‍යයේ ආදර්ශ මුල් ළමාවිය මධ්‍යස්ථානය සදහා දරු දැරියන් ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකරන ලද අතර , මෙම දරුවන් වෙත ත්‍යාග ලබාදීම ද ආණ්ඩුකාරවර ගමගේ මහතා විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , පරිවාස කොමසාරිස් ඩබ්ලිව්.ගුණරත්න , සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ නිහාල් වික්‍රමසුරිය , හිටපු ජාතික පාසල් අධ්‍යක්ෂ කිත්සිරි ලියනගමගේ , පුර්ව ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටී.කේ.ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.