
හසලක මහජන පුස්තකාලයට මහජන බැංකුවෙන් පොත්.
මිනිපේ ප්‍රාදේශීය සභාව යටතේ පාලනය කෙරෙන හසලක මහජන පුස්තකාලයට අවශ්‍ය පොත් තොගයක් හසලක මහජන බැංකුවේ කාර් ය මණ්ඩලයේ අනුග්‍රහයෙන් පරිත්‍යාග කෙරේ. දීර් ඝ කාලයක් වසා දමා තිබු මෙම පුස්තකාලය මිට අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව පසුගිය නොවැම්බරයේ පාඨක අයිතියට පවරා දෙනු ලැබිය. ඒ සදහා ප්‍රදේශයේ විවිධ රාජ්‍ය ආයතන වල සහාය ලබා දුන් අතර කෙටි කාලයක් තුල නව පාඨක පිරිසක් සහ මෙතෙක් සේවා ලබා ගත් පාඨකයන් නැවතත් පුස්තකාලය පරිහරණය කිරීමට පැමිණෙන බව පුස්තකාලාධිපතිණි එස්. අබේසුන්දර මහත්මිය පැවසිය.
පොත් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට හසලක මහජන බැංකුවේ කළමනාකරු ජනක බණ්ඩාර කුලසේකර මහතා ඇතුළු කාර් ය මණ්ඩල සාමාජිකයන් සහභාගී වු අතර අදාළ පරිත්‍යාගයන් සභා ලේකම් එච්.එම්.එන් චන්ද්‍රසිරි මහතා විසින් භාර ගනු ලැබිය.