
මැදරටට නව සංස්කෘතික අධ්‍යක්ෂවරියක්.
මැදරටට නව සංස්කෘතික අධ්‍යක්ෂවරියක්.
මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ලෙස පත්කළ ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පසුගියදා (01) එම දෙපාර්තමේන්තුවේදි මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනාව මධ්‍යයේ සුබ මෙහොතින් රාජකාරි අරම්භ කළාය.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ II ශ්‍රේණීයේ නිලධාරිණියක් වන ටී.එම්. ඉනෝදනී තඹවිට මහත්මිය පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ලෙස පත්වීමට පෙර මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර ලේකම් වශයෙන් සේවය කළාය.
රාජකාරි භාර ගැනීමේ අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ඩබ්.ඩබ්.පී.කේ. හේරත් මහතා, මධ්‍යම පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමි තෙන්නකෝන් මහතා ඇතුළු මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.