
දඹුල්ලෙන් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයට යන්ත්‍ර සූත්‍ර.
දඹුල්ලෙන් අපනයන කර්මාන්ත ක්ෂේත්‍රයට යන්ත්‍ර සූත්‍ර.
මධ්‍යම පළාතේ සාර්ථක ව්‍යාවසායකයෙක් වන මහනුවර, කුඹුරේගම යුනික් බිස්නස් සොලුයුෂන් (පුද්) ආයතනයේ නව නිෂ්පාදනාගාරය විවෘත කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ල, ඇඹුල්අඹේ ප්‍රදේශයේදි (01) දින සිදු කෙරිණි.
යුනික් බිස්නස් සොලුයුෂන් (පුද්) ආයතන අපනයනය ඉලක්ක කරගනිමින් කුළු බඩු හා එළවළු, පලතුරු සැකසුම් කර්මාන්ත ශාලා, කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන ආයතන සඳහා අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන ලබයි. මේ වන විට එවැනි යන්ත්‍ර සූත්‍ර හැත්තෑවක් පමණ නිර්මාණය කරමින් සාර්ථකත්වයට පත් මෙම ආයතනය ඉදිරියේදි විදෙස් වෙළඳපල ඉලක්ක කර ගනිමින් තම නිෂ්පාදන ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම නව නිෂ්පාදනාගාරය ආරම්භ කරන ලදි.
මෙම නිෂ්පාදනාගාරය විවෘත කිරීමට සමගාමීව යුනික් බිස්නස් සොලුයුෂන් (පුද්) ආයතනයේ අභිවෘද්ධිය සඳහා කටයුතු සේවක මහතුන් ඇගයීම ද මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් උත්පල ජයරත්න, යුනික් බිස්නස් සොලුයුෂන් (පුද්) ආයතනයේ සභාපති එරන්ද කන්දේකුඹුර මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.