
දිරිය ගොවි මහතුන් සදහා කෘෂි උපකරණ හා ද්‍රව්‍ය.
දිරිය ගොවි මහතුන් සදහා කෘෂි උපකරණ හා ද්‍රව්‍ය
මධ්‍යම පළාත් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ පළාත් නිෂ්චිත ප්‍රතිපාදන යටතේ මිල දී ගත් කෘෂි උපකරණ හා ද්‍රව්‍ය ගොවි මහතුන් වෙත සංකේතාත්මකව බෙදා දීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, මධ්‍යම පළාත් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන දඹුල්ල සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ කාර්යාලයේදි පැවැත්විණි.
මෙම වැඩසටහනට සමගාමීව දඹුල්ල ප්‍රදේශයේ බීජ ලොකුළුණු නිෂ්පාදකයින් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ බෙදාදීමත්, ගොවීන් මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් සිදු කෙරිණි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ටී.ඒ.ඩි.ඩබ්ලිව්. දයානන්ද මහතා, මධ්‍යම පළාත් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මහතා, මාතලේ දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ ජයන්ත සරමවික්‍රම මහතා ඇතුළු ගොවීන් පිරිසක් සහභාගී වූහ.