සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දඹුල්ලේ සාර්ථක කෘෂි ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණයට.

දඹුල්ලේ සාර්ථක කෘෂි ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණයට.

දඹුල්ලේ සාර්ථක කෘෂි ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණයට. මධ්‍යම පළාත් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක කෘෂිකර්ම අංශ නවීකරණ ව්‍යාපෘති කිහිපයක ක්ෂේත්‍ර නිරීක්ෂණය කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකා‍ර ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවැත්විණි. මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය, මධ්‍යම පළාත් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කළ මෙම වැඩසටහන දඹුල්ල කෘෂිකර්ම බල ප්‍රදේශයේදි ක්‍රියාත්මක විය. මේ යටතේ කණ්ඩලම විල්හත ප්‍රදේශයේ වර්ෂා කාලයේදි වැසි ආවරණ තුළ එළවළු භෝග හා ලොකු ළුණු වගාව, අති අධි ඝණත්ව අඹ වගා ක්ෂේත්‍රයක් හා කිඹිස්ස, පලුටාව ප්‍රදේශයේ අති අධි ගණත්ව පේර වගා ක්ෂේත්‍රයක් නිරීක්ෂණය සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකා‍ර ලලිත් යූ ගමගේ මහතා සහභාගී වූහ. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ටී.ඒ.ඩි.ඩබ්ලිව්. දයානන්ද මහතා, මධ්‍යම පළාත් කෘෂිකර්මාන්ත දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ ජයලත් බණ්ඩාර මහතා, මාතලේ දිස්ත්‍රික් සහකාර කෘෂිකර්ම සහකාර අධ්‍යක්ෂ ජයන්ත සරමවික්‍රම මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook