සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයට නව ලේකම්වරියක්.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයට නව ලේකම්වරියක්.

මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයට නව ලේකම්වරියක්. මධ්‍යම පළාත් යෞවන කටයුතු, වනිතා කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සමූපකාර සංවර්ධන හා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත්වීම් ලද ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිණියක වන අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකෝන් මහත්මිය පත්කර ඇත. මීට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේදී පසුගිය දා සිදුවිණි. අයි.ඩබ්.එම්.සී.කේ. ඉලං‍ගකෝන් මහත්මිය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ තනතුරට පත්වීමට පෙර, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) සහ මධ්‍යම පළාත් සභාවේ සභා ලේකම් ලෙස කටයුතු කරනු ලැබුවාය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook