මහ පොළොවට ආදරය නො කරන කිසිදු ජාතියක් කිසිදා නැගී නො සිටින බවත්, මේ තීරණාත්මක සමයේදී අප ඉන් පාඩම් උගත යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි.
ක්‍රි.ව.7 දී මෙරටින් චීනයට සහල් අපනයනයට අප සමත් වූවද, අධිරාජ්‍යවාදී බලපෑම ඇතුලු නොයෙකුත් හේතු මත අද අප බොහෝ සෙයින් පසුබා ඇති බවත්, ඒ පසුපස උපන් දේශයට හා මහ පොලොවට ආදරය නොකිරීමේ පිළිවෙත හේතු වී ඇති බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.
ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ හේනේගම ශ්‍රී සංඝානන්ද විද්‍යායතන පිරිවෙනේ ශිල්ප හැදෑරූ කුල කුමරුවන්ගේ හිස වෙස් පැළදීම හා කළ එළි මංගල්‍යය අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි. අද දින (07) පිරිවෙන් පරිශ්‍රයේදී මෙම කාර්යය සිදු කෙරුණේ අධ්‍යාපන අමාත්ශයාංශයේ පිරිවෙන් අධ්‍යාපන ජාතික උපදේශක රාජකීය පණ්ඩිත දර්ශනපති අතිපූජ්‍ය දොඩම්පහළ ශ්‍රී රාහුල නා හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ගෞරවනීය සම්ප්‍රාප්තිය අබියස ය.
නොමග ගිය වැඩිහිටියන් යහ මගට ගැනීම අසීරු වුව ද දරුවන් යහ මගට ගැනීම අපහසු නො වන බවත්, මෙහිදී භික්ෂුන් වහන්සේ වෙත ඉමහත් වගකීමක් පැවරෙන බවත් ගමගේ මහතා මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.
එසේම රටේ ආර්ථික තත්ත්වය යහපත් වූ විගසම පිරිවෙන් අධ්‍යාපනයේ අභිවෘද්ධිය පිණිස වැඩි මූල්‍ය ප්‍රතිපාදන වෙන් කළ හැකි බවත් ඔහු තවදුරටත් කියා සිටියේ ය.