සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කෙරේ.

මහනුවර ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කෙරේ.

මහනුවර ත්‍රී රෝද රථ වෘත්තිකයින් දැනුවත් කෙරේ. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහනට සමගාමීව මහනුවර සංචාරක කර්මාන්තයේ යෙදී සිටින ත්‍රී රෝද රථ වෘත්තිකයින්ගේ සන්නීවේදන කුසලතා සහ යහපත් හැසිරීම වැඩි දියුණු කිරීමේ වැඩසටහනක් මහනුවර සහස්උයන පරිශ්‍රයේ දී (01) දින පැවැත්විණි. මහනුවර, කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය සහ ජාතික විද්වත් සංවිධානය කළ මෙම වැඩටහන සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහචාර්ය එස්.බී.එස්. අබේකෝන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. මෙහිදි ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික වැඩසටහන සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා විසින් ද වැඩසටහනේ විශේෂ විශේෂ දේශනය මහනුවර ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝචිකිත්සක වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් ද සිදු කරන ලදි. මෙම වැඩසටහනට සමගාමීව ත්‍රී රෝද රථ වෘත්තිකයින් වෙනුවෙන් විශේෂ වෛද්‍ය පරික්ෂණ කිහිපයක් නොමිලේ සිදු කර ගැනීමට ද අවස්ථාව සලසා දී තිබිණි. මෙම අවස්ථාව සදහා , කලාපීය ආර්ථික සංවර්ධන ආයතනය සහ ජාතික විද්වත් සංවිධානය නියෝජිතයින්, මහනුවර ත්‍රී රෝද රථ වෘත්තිකයින් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook