සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිතියේ 54 වන සංවත්සර සැමරුම් වැඩසටහනක්.

අද විවිධ සේවා කියන තේමාව වෙනස් වෙලා. එක් තේමාවකට ආයතන සියල්ලම කොටුවෙලා. නමුත් සමූපකාර ව්‍යාපාරය අතීතයේ සිටම ගොඩනැගුණේ පොදු මහජන යහපත වෙනුවෙන්, කාලීන තේමාවක් යටතේ ගොඩනැගුනු සමූපාකාර ව්‍යාපාරය ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට වඩා උචිතම ව්‍යාපාරයයි. ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියට එළඹීම තුළින් රටේ ජාතික ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාදීමට හැකි ප්‍රබල ක්ෂේත්‍රයක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ සීමාසහිත කුණ්ඩසාලේ විවිධ සේවා සමුපකාර සමිතියේ 54 වන සංවත්සර සැමරුම් වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද දින (07) දින මැණික්හින්න දුම්බර රිජන්සි උත්සව ශාලාවේදී පැවැති අවස්ථාවට එක් වෙමිනි. මෙහිදී සමූපකාර සමිති සාමාජිකයින් ගේ පවුල්වල දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමක්ද සිදුවිය. මෙම අවස්ථාවට සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් චමිලා විජේරත්න, සමූපකාර කොමිෂන් සභාවේ ලේකම් එස්.සජීවනි කුණ්ඩසාලේ විවිධ සේවා සමූපාකාර සමිතියේ සභාපති තිස්ස උඩගම මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සාමාන්‍යාධිකාරී අනුර සෙනරත් මහතා ඇතුළු විධායක මණ්ඩලය, සමූපාකාර ක්ෂේත්‍රයේ නිලධාරීන් හා සාමාජිකයින් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook