
ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට සාකච්ඡාවක්.
ආයුර්වේද වෛද්‍ය සේවාවේ පවතින ගැටලු විසඳීමට සාකච්ඡාවක්.
මධ්‍යම පළාතේ ආයුර්වේද වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන් මුහුණපා ඇති ගැටලු විසදීම වෙනුවෙන් වූ සාකච්ඡාවක් (07) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අබේකෝන් මහතා ගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදී වෘත්තීය සංගම් සමග වෘත්තීමය වශයෙන් හා සේවාවේ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට පවතින ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී. දැනට සේවාවේ පවතින විසඳාගත යුතු තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීම් ද සිදුකළ අතර ඒ සඳහා වූ යෝජනාවලියක් බාර දීම ද මෙහිදී සිදුවිය.