සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ගිරාගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්‍රදානෝත්සවය.

ගිරාගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්‍රදානෝත්සවය.

ගිරාගම ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්‍රදානෝත්සවය. ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන ගුරු විද්‍යාලයේ ගුරු පුහුණු සහතික ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගුරු විද්‍යාලයීය මකුලොලුව ශාලාවේදි (18) පැවැත්විණි. චිත්‍ර, බුද්ධ ධර්මය, නර්තනය, සංගීතය, සිංහල යන විෂය ක්ෂේත්‍ර යටතේ ඉකුත් වර්ෂවල අධ්‍යයන කටයුතු සාර්ථකව නිමකළ සිසුන් සඳහා මෙහිදි ගුරු පුහුණු සහතික ප්‍රදානය කෙරිණි. මෙම ගුරු පුහුණු සහතික ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය සාර්ථක ගුරු පුහුණුව තුළින් අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය මැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (අධ්‍යාපන ගුණාත්මක සංවර්ධන) නිශාද් හඳුන්පතිරණ මහතා විසින් සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ගුරු අධ්‍යාපන පරිපාලන විෂය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ ඩබ්ලිව්.ඩි.එස්.පී.එම්. දසනායක, ගිරාගම සෞන්දර්ය අධ්‍යාපන ගුරු විද්‍යාලයේ විදුහල්පති කේ.එම්.ආර්.ආර්.එන්.බී. සීතා කුමාරි යන මහත්මීන් ඇතුළු ආචාර්ය මණ්ඩලය, සහතිකලාභී සිසුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook