සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි.

මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි.

මහාමායා දියණිවරු අන්තර්ජාලයෙන් පොත් ලියයි. ඉදිරියේදි රට භාර ගැනීමට සිටින වත්මන් දූ දරුවන්ට, පවතින සමාජ වෙනස්කම් තුරන් කිරීමේ වගකීම ද පැවරෙන බවත් , ජාතිය, ආගම්, සමාජ තත්ත්වයන්, භුගෝලීය ආදී වෙනස්කම්වලින් තොර ශ්‍රී ලංකික ජනතාවක් බිහි කිරීමට සම්පූර්ණ වගකීම ඔවුන් වෙත පැවරෙන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා පැවසීය. මහනුවර මහමායා බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘හෙරණ ගත්කරණි’ විද්‍යුත් ළමා ග්‍රන්ථ අන්තර්ජාලයට මුදා හැරීම සදහා සංවිධානය කළ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් තවදුරටත් අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා, ඒ සදහා විද්‍යුත් මෙවලම් වැඩි වශයෙන් භාවිතය ට ගැනීමේ සහ යොවුන් කණ්ඩායම් ඒකරාශී කර ගැනීමේ අවශ්‍යතාවය පෙන්වා දෙනු ලැබිය. ශ්‍රී ලාංකීකයින් ලෙස එක් ජාතියක් ලෙස ලෝකය ඉදිරියට යාම සඳහා අවශ්‍ය පණිවිඩය ග්‍රන්ථ කරණය හරහා සියල්ලන් වෙත යැවීමට දරුවන්ට අවස්ථාව හිමිවන බවත් ඒ සඳහා සුදුසු මාතෘකා තෝරාගෙන ග්‍රන්ථ රචනා කිරීම සිදු කළ යුතු බවත් එයින් සමාජයට සෙතක් සිදුවන බවත් වැඩිදුරටත් ආණ්ඩුකාරවරයා පැවසීය. එම විද්‍යාලයීය ශ්‍රවනාගාර‍යේදී පැවති මෙම ග්‍රන්ථ එළිදැක්වීමේ අවස්ථාවේ අනුශාසනාව මල්වතු මහා විහාර පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදු කළ අතර විශේෂ දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාල‍යේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ලීයනගේ අමරකීර්තී මහතා විසින් සිදු කරන ලදි. ‍‍මෙහිදී ,පිරිවෙන් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ සිසු දරුවන් විසින් රචනාකළ විද්‍යුත් ග්‍රන්ථ හත්සීයක් පමණ අන්තර්ජාලයට මුදා හැරීම ද මෙහිදි සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිල‍මේ ප්‍රදීප් නිලංග දෑළ, මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ශසිකලා සේනාධීර, වෛද්‍ය නුවන් තොටවත්ත, වැඩසටහනේ සම්බන්ධිකාරක සෙනවිරත්න මහලේකම් යන මහත්වරුන් සහ ගුරු භවතුන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook