සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

 ක්‍රියාවට නංවන ව්‍යාපෘති හේතුවෙන්  ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීමට සාකච්ජාවක්

ක්‍රියාවට නංවන ව්‍යාපෘති හේතුවෙන් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීමට සාකච්ජාවක්

පොදුජන ජීවිතය යහපත් කිරීම වෙනුවෙන් මෙතෙක් විවිධ රජයන් මගින් ක්‍රියාවට නගන ලද ව්‍යාපෘති හේතුවෙන් අද වන විටත් ජනතාව මුහුණදෙන බහුවිද ගැටළු නිරාකරණය කිරීම වෙනුවෙන් වූ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වන දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මෙහිදී ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටළු රැසක් පිළිබදව කරුණු සාකච්ජා කරන ලද අතර කසළ කළමනාකරණය කෙරෙහි වැඩි අවධානයක් යොමුවිය. රජය ගෙනයන නව වැඩසටහනට සමගාමිව ජනතා අපහසුතාවයන් අවම කරමින් වඩා ප්‍රසස්ත සේවාවක් රාජ්‍ය ආයතන මගින් ලබාදීමත් ,පොදු සමාජ වගකීම් දරමින් ජනතාව නිසිලෙස තම කාර්යයන් වල නිරතවීම මගින් වඩා යහපත් වූ සමාජයක් ගොඩනැගිය හැකි බවත් , ඒ සදහා ආකල්පමය වෙනසක් සෑම ක්ෂේත්‍රයකම සිදුවිය යුතු බවත් මෙහිදී ආණ්ඩුකාරවර අභයකෝන් මහතා කරුණු දක්වමින් මෙහිදී කීය. වසර 40කට අදික කාලයක සිට ක්‍රියාත්මක වන ගොහාගොඩ කසළ අංගනයේ කටයුතු , දැනට පවතින තත්ත්වයන් හා ආශ්‍රිතව උද්ගතව ඇති ගැටළු , කසල කළමනාකරණය සදහා විකල්ප ස්ථානයන් භාවිතා කිරීම, කසල සම්පතක් බවට පත් කර ගැනීමේ ක්‍රියාමාර්ග , නිවෙස් ආශ්‍රිතව සිදුකළ හැකි කසළ කළමනාකරණ ව්‍යාපෘති සක්‍රිය කිරීම , අනවසර ලෙස කසළ බැහැරකිරීම් නැවැත්වීමේ කටයුතු ,කසළ එකතු කිරීමේ කටයුතු සක්‍රිය කිරීම , ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් විදිමත් වැඩපිළිවෙලක් සැකසීම ආදී වූ කරුණු රැසක් මෙහිදී සාකච්ජාවට බදුන් විය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් පාලන සහකාර කොමසාරිස් (මහනුවර) ලක්මාලි අත්තනායක, මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ යන මහත්ම මහත්මීන් , පොදු සම්පත් සුරැකීමේ සංවිධානය නියෝජනය කරමින් එහි සාමාජිකයින් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook