සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

මහනුවර නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක්

මහනුවර දිස්ත්‍රික්කයේ නගර සීමාවෙන් පිටත ප්‍රදේශ සදහා ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් 04 වන දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. මුලික මිනිස් අවශ්‍යතාවයක් වන ජලය සෑම පුරවැසියෙකුටම පරිභෝජනය කිරීම සදහා කටයුතු යෙදීම වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙලක් විදිමත් ලෙස සැකසීම පිළිබදව මෙහිදී කරුණු රැසක් සාකච්ජා කෙරින. ඒ අනුව පවතින ගැටළු සාකච්ජා කිරීම , ඒ සදහා ලබාදිය හැකි විසදුම් හා ක්‍රියාමාර්ග පිළිබදව අවධානය යොමු කිරීම, ආයතන අතර මනා සහයෝගයක් ඇතිව කටයුතු කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරන ලදී. මෙම අවස්ථාව සදහා මහනුවර මහ නගර සභාව , ජලසම්පාදන මණ්ඩලය යන ආයතනවල නිලධාරින් සහභාගී වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook