සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී

හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවයේ චාරිත්‍රානුකුලව හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය (16) දින පුර්ව භාග 09.04 ට යෙදුනු සුභ නැකතින් මහනුවර ශ්‍රී දළදා මාලිගා චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී මහා නාථ දේවාල භූමියේ දී පැවැත්විය.මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහචාර්ය එස්.බී.එස්. අභයකෝන්, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විය. මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු සහ අස්ගිරි උභය විහාර පාර්ශවයේ අති පූජ්‍ය මහා නායක ස්වාමීන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් මධ්‍යම පළාත් සභාව, ආයුර්වේද දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.මෙම චාරිත්‍රයට සමගාමීව අලි අතුන් සඳහා හිස තෙල් ගැල්විම ද සිදු කරන ලද අතර එහිදි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් බුරුම රාජා සහ මිගාර ඇතුන් සඳහා තෙල් ගැල්වීම සහ ආහාර ලබාදිම සිදුවිණි.මල්වතු පාර්ශවයේ අනුනායක හිමිවරුන් වන පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සහ පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් ද අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමි, මහනුවර ශ්‍රී නාථ දේවාල විහාරාධිපති පූජ්‍ය ගොමගොඩ රතනසාර හිමි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තනුර දිසානායක, චමින්ද්‍රාණි කිරිඇල්ල, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධම්මික අබේගුණවර්ධන, මධ්‍යම පළාත් සභා අමාත්‍යාංශ ලේකම්වරුන්, නාථ දේවාල බස්නායක නිලමේ ඒ.ඩබ්ලිව්.එස්. බණ්ඩාරනායක යන මහත්වරුන්, රාජ්‍ය නිලධාරින්,ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook