සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පැය කිහිපයකින් නුවර  "ක්ලීන්"

පැය කිහිපයකින් නුවර "ක්ලීන්"

පැය කිහිපයකින් නුවර "ක්ලීන්" පුරා දින දහයක් පැවති 'සිරි දළඳා වන්දනාව' අවසන් දිනයේ මහනුවර නගර පවිත්‍ර කිරීමේ "ක්ලීන් කැන්ඩි" වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාර වර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (27) පස්වරුවේ ආරම්භ කෙරිණි.සිරි දළඳා වන්දනාව සදහාපැමිණි ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් ව, පසුගිය දින දහයක් පුරා මහනුවර නගරය පරිහරණය කිරීමේ දී ඉවතලන ලද පොලිතීන්, ප්ලාස්ටික් ඇතුළු සියලුම අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙම වැඩසටහන මගින් සිදුවිණි.ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය ,මධ්‍යම පළාත් සභාව, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.මධ්‍යම පළාත් සභාවේ සියළුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අංශ, ඒකක සහ ව්‍යවස්ථාපිත ආයතන, පළාත් පාලන දෙපාර්තමේන්තුව සහ සියලුම පළාත් පාලන ආයතන , මහනුවර මහ නගර සභාව, ත්‍රිවිධ හමුදාව හා පොලීසිය, පෞද්ගලික ආයතන, ස්වේච්ඡා සංවිධාන හා පුද්ගල කණ්ඩයම් විසින් මෙම වැඩසටහනට දායකත්වය ලබා දී තිබිණි.මහනුවර දිස්ත්‍රික් පාර්ලීමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුන්, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook