විද්‍යාපීඨ ගුරු භවතුන් දිශානුගත කෙරේ.
විද්‍යාපීඨ ගුරු භවතුන් දිශානුගත කෙරේ.
මධ්‍යම පළාතේ පාසල් සඳහා පත් කරනු ලැබූ ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන්, දිශානුගත කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ, පළාත් සභා ශ්‍රවනාගාරයේදී (09) දින පැවැත්විණි.
මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාත් ප්‍රධාන අධ්‍යාපන දොපාර්තමේන්තුව විසින් මෙම වැඩසටහන සංවිධාන කරන ලද අතර ඒ සඳහා ඉකුත් දා පත්වීම් ලද ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරීන් 406 දෙනෙක් එක්වූහ.
මෙහිදි අදහස් දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, වර්තමාන රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විශාල වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවත්, විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් දරුවන් මුදවා ගනිමින්, රටට වැඩදායක හා හිතැති , මනා පෞරුෂයකින් යුක්ත පුද්ගලයෙක් බිහි කිරීමේ අරමුණ ඇතිව මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මතක කිරීම ආරම්භ කර ඇති බව සඳහන් කළේය.
මධ්‍යම පළාතට බඳවාගත් නවක ගුරුභවතුන් තම වෘත්තීය සිදු කරන ඉදිරි කාලය තුළ මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇති කරගැනීමට හැකියාව ලැබෙනු අතැයි විශ්වාස කරන බව පැවසු ආණ්ඩුකාරවරයා, එම වෙනසට අනුගතවතම ගුරු වෘත්තීය ඊට අනුරූපිව වෙනස් කරගැනීමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාවරයා පැවසීය.
මෙහිදි ගුරු වෘත්තික භාවය පිළිබඳව නවක ගුරු භවතුන් දැනුවත් කිරීම මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා විසින් සිදු කරන ලදි.
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන යන මහත්මීන්, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රභාත් මද්දුමආරච්චි, සහකාර ලේකම් නයනි තෙන්නකෝන්, ප්‍රධාන ගණකාධිකාරි ප්‍රශාන්ත මැදගෙදර, මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ටී.පීජී.එල්. තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ගුරුභවතුන් පිරිසක් එක් වූහ.
