වෙළද පෙරමුණේ වෙසක් තොරණ.
වෙළද පෙරමුණේ වෙසක් තොරණ.
තෛලෝක මංගල්‍යය නිමිති කොට මහනුවර සිංහල වෙළද පෙරමුණ විසින් ඉදිකරන ලද වෙසක් තොරණ මහනුවර වැවරවුම සම්පත් ශාලාව ඉදිරිපිටදී තෙවන දිනටත් විවෘත කිරිම (14) දි පස්වරුවේදී සිදු කෙරිණ. බුදුන් වහන්සේගේ ලංකා ගමනයේ විවිධ අවස්ථා නිරුපනය කරනු ලබන තොරණ විචිත්‍රවත් ලෙස නිර්මිත වුවකි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධනත්වයෙන් තෙවන දින සමාරම්භය සිදු කරනු ලැබූ අතර මෙම අවස්ථාවට මහනුවර සිංහල වෙළඳ පෙරමුණ සභාපති යයස් චන්ද්‍රසේකර, ලේකම් නදිජ වීරරත්න, ප්‍රධාන සංවිධායක ලාල් හඳපාන්ගොඩ යන මහත්වරුන් ඇතුළු දෙමළ හා මුස්ලිම් වෙළඳ සගංම් නියෝජිතයින් පිරිසක් එක් වූහ.
