සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන සඤ්ඤා ලේඛකාධිකාරී නාහිමි  අක්තපත්‍ර  ප්‍රදානෝත්සවය මහනුවර කපුලියද්ද ශ්‍රී  ශෛලතලාරාම විහාරස්ථානයේ දී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන සඤ්ඤා ලේඛකාධිකාරී නාහිමි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මහනුවර කපුලියද්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන සඤ්ඤා ලේඛකාධිකාරී නාහිමි අක්තපත්‍ර ප්‍රදානෝත්සවය මහනුවර කපුලියද්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 13 වන සඤ්ඤා ලේඛකාධිකාරී නාහිමි ධුරයෙන් පිදුම් ලැබූ පුජ්‍ය දොරලියද්දේ ජිනසිරි ස්වාමීන් වහන්සේ වෙත අක්තපත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත, ත්‍රිපිටක විශාරද, ශාස්ත්‍රපති මකුලෑවේ ශ්‍රී විමල අභිධාන මහානායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කපුලියද්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ දී අද දින ( 23දා) පැවැත් වින. අතිපුජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක පාලක සංඝ සභාවල සමානච්ජන්දයෙන් කපුලියද්ද ශ්‍රී ශෛලතලාරාමය ,දිගන රජවැල්ල ශ්‍රී ජේතවනාරාම යන උභය විහාරයන්හි විහාරාධිපති පුජ්‍ය දොරලියද්දේ ජිනසිරි හිමියන් වෙත සිරි සීලවංස, විමලසාර විමලකිත්ති, වංසාලන්කාර, ධර්ම ශාස්ත්‍ර කිර්ති ගෞරව නාමය සහිත ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සඤ්ඤා ලේඛකාධිකාරී ධුරය පිරිනැමීම වෙනුවෙන් වූ අක්තපත්‍ර ය හා සන්නස් පත්‍රය ප්‍රධානය කිරීම කපුලියද්ද ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානයේ ධර්ම ශාලාවේදී පැවැත් වූයේ මහා සංඝරත්නයේ හා ගිහි දායක පිරිසගේ සහභාගිත්වයෙනි. 1863 නේදී ආරම්භ කරන ලද මෙම රාමඤ්ඤ නිකායේ දහතුන් වන සඤ්ඤා ලේඛකාධිකාරීත්වයෙන් උන් වහන්සේ මෙලෙස පිදුම් ලැබීය. ඒ වෙනුවෙන් වූ අක්තපත්‍රය ප්‍රධානය කිරීම රාමඤ්ඤ නිකායේ ගිහි අනුශාසක සභාපති හිටපු කථානායක දේශබන්ධු කරු ජයසුරිය මහතා විසින් හා විජිනිපත ප්‍රදානය කිරීම ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා විසින් සිදු කරන ලදී. මීට සමගාමීව දොරලියද්දේ විමලකිත්ති නාහිමි අනුස්මරණ ධාතු මන්දිරය සඟ සතු කිරීමද සිදුවිය. සඳසිරි දුනුවිල තපෝවන විහාරාධිපති රාමඤ්ඤ නිකායේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ පේමවංශ නාහිමියන් ඇතුළු අනුනායක හිමිවරුන්, ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක පුජ්‍ය වේඩරුවේ උපාලි නායක හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන්, රාමඤ්ඤ නිකායේ ගිහි අනුශාසක සභාපති හිටපු කථානායක දේශබන්ධු කරු ජයසුරිය,මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ යන මහත්වරුන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම මෙම අවස්ථාවට සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook