යෝජිත මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්ත ඉදිකිරීම් කඩිනම් කිරිමට පියවර.
යෝජිත මහනුවර බහු මාදිලි ප්‍රවාහන පර්යන්ත සංවර්ධන ව්‍යාපෘතිය දිනෙන් දින (KMTT) කල් යාම නිසා මහනුවර වැසියෝ මහත් අපහසුතාවයට පත් ව ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පවසා සිටී. මේ බව ඒ මහතා සදහන් කර සිටියේ, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී (21) පැවැති සාකච්ඡාවකදී අදහස් දක්වමිනි. ව්‍යාපෘතිය අතරමග නැවතීමෙන් බස්රථ ගාල් නගරයේ තැනින් තැන විතැන්විමත් ඒ නිසා සමහර බස් රථ සේවය ලබා ගැනීමට කිලෝමීටරයක් පමණ ගමන් කිරීමට මගීන්ට සිදුවන බවත්, බස්රථ නැවතීම නිසා නගරයේ වාහන තදබදයත් වැඩිවීම දැකිය හැකි බවත්, බස්රථ සේවකයින්ට අත්‍යවශ්‍ය පහසුකම් ලබා ගැනීමත් ගැටලුවකට ලක් ව ඇති බව ද ගැටළු කාරී සමාජ වාතාවරණයක් තුල මහජනතාවට අවම පහසුකම් ලබා දී ඔවුන් මුහුණ දෙන ගැටළු විසදීම සදහා අවශ්‍ය බවත් එම මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කර සිටියේය.
මෙම අවස්ථාවේදී මෙම වැඩසටහන කඩිනමින් නැවත ආරම්භ කොට ජනතාව මුහුණ දෙන අපහසුකම් මග හැරවීමට කටයුතු කිරීමට එකඟතාවයකට පැමිණි අතර එම කටයුතු මෙම සති කිහිපයක් තුල ආරම්භ කිරීම සදහා කටයුතු යොදන බව මහාමාර්ග අමාත්‍යාංශ නිලධාරීන් විසින් සහතික කරන ලදී.
මෙම සාකච්ඡාව සදහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි, මධ්‍යම පළාත් ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් මගී ප්‍රවාහන සේවා අධීකාරියේ සභාපති පරාක්‍රම දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් ව සිටියේය.