සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර උඩවත්තකැලය රක්ෂිතයේ වර්ෂාධික කාලයන් වලදී ගලා එන ජලය කළමනාකරණය කිරීම වෙනුවෙන් වූ සාකච්ජාවක්

මහනුවර උඩවත්තකැලය රක්ෂිතයේ වර්ෂාධික කාලයන් වලදී ගලා එන ජලය කළමනාකරණය කිරීම වෙනුවෙන් වූ සාකච්ජාවක්

මහනුවර උඩවත්තකැලය රක්ෂිතයේ වර්ෂාධික කාලයන් වලදී ගලා එන ජලය කළමනාකරණය කිරීම වෙනුවෙන් වූ සාකච්ජාවක් අද දින (30) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ. උඩවත්තකැලය ලෝක උරුමය රක්ෂිතය සුරක්ෂිත කිරීම හා මහනුවර නගරයට සිදුවන බලපෑම සහගත තත්ත්වයන් වලක්වා ගනිමින් රක්ෂිතයෙන් ගලාඑන ජලය නිසිලෙස පාලනය කිරීමේ කාලින අවශ්‍යතාවය වෙනුවෙන් මෙහිදී ජලය කළමනාකරණය , පස් සෝදායාම් වලක්වා ගැනීම , රක්ෂිතයේ ශාඛා හා සත්ත්ව හානි සිදු නොවන ලෙස ඒ සදහා පිළියම් යෙදීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් කරුණු සාකච්ජා විය. කානු පද්ධතිය විධිමත් කිරීම , පැති බැමි ඉදිකිරිම් හා ජලය බැසයාමේ බලපෑම මහනුවර නගරයට හා පවතින ආයතන වලට බලපෑමක් නොවන ලෙස සිදු කිරීමට කටයුතු යෙදීමේ කාලිනාවූ අවශ්‍යතාවය මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ජා වූ අතර මෙම ලෝක උරුමය රක්ෂිත ආරක්ෂා කිරීම සදහා කෙටි කාලින හා දිගුකාලින විසදුම් ලබාදීම කෙරෙහි අවධානය යොමුවිය. මෙම සාකච්ජාවෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා ඇතුළු නිලධාරින් උඩවත්තකැලය රක්ෂිත වනාන්තරයේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා) එස්.කේ.විජේකෝන්, මහනුවර මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉන්දිකා කුමාරි අබේසිංහ, වන රක්ෂණ දෙපාර්තමේන්තුවේ දිසා වන නිලධාරි බී.එම්.බණ්ඩාර , අඩවි වන නිලධාරි එන්.ඉන්ද්‍රජිත්, ඉංජිනේරු සේවා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු ටි.සංකල්ප, ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන ලේකම් අනුර බණ්ඩාර , 10 වැනී ගජබා බලකායේ අණදෙන නිලධාරී එස්.මංචනායක යන මහත්ම මහතමින් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook