සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක තනතුරු සදහා  නව ප්‍රධානින් පත්කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක තනතුරු සදහා නව ප්‍රධානින් පත්කෙරේ.

මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක තනතුරු සදහා නව ප්‍රධානින් පත්කෙරේ. මධ්‍යම පළාත් සභාවේ ව්‍යවස්ථාපිත ආයතන කිහිපයක තනතුරු සදහා නව ප්‍රධානින් පත් කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බි.එස්.අභයකෝන් මහතා විසින් ඉකුත්දා (03) මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේදී සිදු විය. මධ්‍යම පළාත් සමූපකාර සේවක විශ්‍රාම වැටුප් පාලක මණ්ඩලය, මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරිය, මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෙවල් කුලී මණ්ඩලය යන ආයතන ත්‍රිත්වය සදහා මෙලෙස පත්වීම් ප්‍රධානය කිරීම සිදුවිය. ඒ අනුව මධ්‍යම පළාත් සමූපකාර සේවක විශ්‍රාම වැටුප් පාලක මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඩබ්.ආර්.ඩී.එම්.එස්.කේ.යූ.බී. වික්‍රමසිංහ මහතා පත් කොට ඇත. ඒ මහතා සමුපකාර කළමනාකරණය පිළිබදව ඉන්දියාවේ හා මැලේසියාවේ සමුපකාර විද්‍යාලවල වෘත්තිය පාඨමාලා රාශියක් හදාරා ඇති අතර , ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිධරයෙකු වන අතර පේරාදෙණිය විශ්ව විද්‍යලයෙන් කළමනාකරණය පිළිබද පශ්චාත් උපාධි ඞිප්ලෝමාව ද, ව්‍යවාහාරික ආර්ථික විද්‍යාව පිළිබදව සිය පශ්චාත් උපාධිය ද ලබාගෙන ඇති ඒ මහතා පොල්ගොල්ල ජාතික සමුපකාර සංවර්ධන ආයතනයේ හිටපු අධ්‍යයන අධ්‍යක්ෂ හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වරයෙකු වේ. මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති වරයා ලෙස වියනගේ අජිත් ප්‍රියන්ත මහතා ද , මධ්‍යම පළාත් සභාවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ගෙවල් කුලී මණ්ඩලයේ සභාපති වරයා ලෙස ඩබ්.ආර්.විජේවික්‍රම මහතා ද, එහි සමාජිකයන් ලෙස දෝන සුමිත්‍රා ප්‍රානාන්දු මහත්මිය සහ රාහුල උඩගමගෙදර මහතා වෙත ද මෙහිදී පත්විම් ලිපි ප්‍රදානය කිරීම සිදු විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook