ගලේවෙලට නව ග්‍රාමීය බැංකු හතරක් හා කෝප් සිටි දෙකක්.
සි/ස ගලේවෙල විවිධ සේවා සමුපකාර සමිතිය මගින් ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවයන් සපුරාලමින් ජනජීවිතය සාර්ථක කරගැනීම සදහා දායකත්වය ලබාදීම අරමුණු කර ගනිමින් ගලේවෙල බල ප්‍රදේශයේ ග්‍රාමීය බැංකු හතරක් (04) හා කෝප් සිටි දෙකක් (02) ජනතා අයිතියට පත් කිරීම ඉකුත්දා (25) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.
මධ්‍යම පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ග්‍රාමීය ප්‍රජා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්ෂේත්‍ර රැසකින් , විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන අතර , මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල බල ප්‍රදේශය මුල් කර ගනිමින් සමුපකාර ග්‍රාමීය බැංකු සේවාවන් පුළුල් කිරීම හා අළෙවි අවස්ථා ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් බුලනවැව ග්‍රාමීය බැංකු ශාඛාව , දඩුබැඳිරුප්ප ග්‍රාමීය බැංකුව සහ කෝප්සිටිය , බෙලිගමුව ග්‍රාමීය බැංකු ශාඛාව හා රංවැඩියාව ග්‍රාමීය බැංකුව සහ කෝප්සිටිය ජනතා අයිතියට පත් කිරීම මෙදින සිදු කරන ලදී.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩී.නිමලසිරි, ගලේවෙල ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.පී.ආර්.ජයතිලක යන මහත්වරුන් ඇතුලු මහජන නියෝජිතයින්, ගලේවෙල විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති එම්.එම්.ඩි.එස්.කේ.මාරසිංහ, මධ්‍යම පළාත් සමූපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න,මාතලේ දිස්ත්‍රික් සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස් අනුර මහවිතාන,ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක් විය.