සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය අතර හමුවක් මහනුවරදී.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය අතර හමුවක් මහනුවරදී.

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා සහ යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය අතර හමුවක් මහනුවරදී. යුනිසෙෆ් ආයතනයේ ළමා රැකවරණ සභාපතිනිය වන ටියෝනා ඇෂ්ලනිෂ්විල් (Teona Aslanishvili) මහත්මිය හා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා අතර හමුවක් 27 දින මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවැත්විණ. මෙහිදී යුනිසෙෆ් ආයතනය මගින් ඉටුකරනු ලබන සේවාවන් පිළිබඳවත්, විශේෂයෙන්ම ළමා රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙන් රට තුළම ක්‍රියාත්මක කරනු ලබන විශේෂ වැඩසටහන් පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ආරම්භ කිරීමට නියමිත “ළමා හිතකාමී සේවා සැපයුම් හා රැකවරණ මධ්‍යස්ථාන” (Child Friendly continuum services center) ඉදිකිරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා විය. ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කය පදනම් කර ගනිමින් මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක කිරීම එළඹෙන සැප්තැම්බර් මාසයේදී ආරම්භ කිරීමට නියමිත බවත් ඒ සඳහා වන ක්‍රියාවලිය පිළිබඳව මෙහිදී කරුණු සාකච්ඡා කරන ලදී. එසේම මෙම ළමා හිතකාමී සේවා සැපයුම මධ්‍යස්ථානය අංග සම්පූර්ණව ලෝක ප්‍රවණතා මට්ටමින් ඉදිකරමින් දරුවන්ගේ රැකවරණය වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමටද කටයුතු යොදා ඇති බව මෙහිදී කරුණු අනාවරණය විය. විශේෂයෙන්ම මහනුවර දිස්ත්‍රික්කය තුළ ළමා රැකවරණය හා ආරක්ෂාව වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවත්, මධ්‍යම පළාත පාදක කර ගනිමින් මෙම කටයුතු තවදුරටත් පුළුල් කරමින් නව යාන්ත්‍රණයක් සියළු සේවා සපයන ආයතන ඒකාබද්ධ කර ගනිමින් දරුවන් හට වඩා සුරක්ෂිත අනාගතයක් උදා කිරීමට අවශ්‍ය සහාය නිරන්තරයෙන් ලබා දෙන බව ද මෙහිදී ම නියෝජිතවරිය පැවසීය. මෙම අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ නියෝජිත පිරිසක් හා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook