මාර්ග නීති පිළිපදිමු අනතුරු වළකමු මැයෙන් යුතු චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත්.
මාර්ග නීති පිළිබඳ ව පාසල් සිසුන් දැනුම්වත් කිරීම කාලෝචිත බවත් , රිය අනතුරු ඉහළ යාම හා මාර්ග විනය පිරිහීම ඊට ආසන්නතම හේතු වන බවත්, රියදුරන් සේම පදිකයන් ද මාර්ග නීති අකුරට ම පිළිපැදීම අත්‍යාවශ්‍ය වන බවත් මධ්‍යම පළාත් ආන්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා පවසයි . මාර්ග නීති අනුගමනය කිරිමේ වැදගත්කම ජපානය බදු රටවල පාසල් සිසුනගේ මූලික පාඩමක් වන බව ද, මෙරට පාසල් පද්ධතිය කරා එය රැගෙන ඒමට පියවර ගත යුතු බව ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඒ වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගන්නා ක්‍ර්‍රියාමාර්ග අගය කරමිනි.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා මෙසේ අදහස් පළ කළේ පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව පළාතේ තෝරා ගත් පාසල් 25ක සිසු සිසුවියන් අතර පැවැත්වූ මාර්ග නීති පිළිපදිමු අනතුරු වළකමු මැයෙන් යුතු චිත්‍ර තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට හා ඔවුනගේ චිත්‍ර ඇතුළත් ප්‍රදර්ශනය නැරඹීමට පළාත් මාර්ග සංවර්ධන හා ප්‍රවාහන අමාත්‍යාංශ පරිශ්‍රයේදී ප්‍රධාන ආරාධිතයා ලෙස ඊයේ(26) පස්වරුවේ එක්වෙමිනි.
මෙම කාර් යය පළාත් ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලැබුවේ 2022 පාසල් මාර්ග ආරක්ෂණ වැඩසටහන යටතේ ය. ජයග්‍රාහී සිසු සිසුවියන් වෙත මාර්ග ආරක්ෂාව පිළිබද කරුණු හා නීති රීති ඇතුළත් පොත් කට්ටලයක් ද පිරිනැමිනි. මෙයට සමගාමීව මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහල වෙත අංග සම්පූර්ණ මාර්ග ආරක්ෂණ ඒකකයක් ලබා දීමටද කටයුතු කෙරිණි .
මේ අවස්ථාවට ගමගේ මහත්මිය සමඟ පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න , පළාත් මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන හා පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු පිරිසක්ද, අදාළ පාසල්වල විදුහල්පතිවරු හා සිසු සිසුවියන්ද එක්ව සිටියහ.
පළාත් ප්‍රවාහන කොමසාරිස් පාරමී තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි දෙපාර්තමේන්තු කාර් ය මණ්ඩලය වැඩසටහන සංවිධානය කොට තිබිණි.