සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘති නිරීක්ෂණයට

මහනුවර කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘති නිරීක්ෂණයට

මහනුවර කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘති නිරීක්ෂණයට කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක වන කෘෂි බීජ නිෂ්පාදනාගාර ව්‍යාපෘතින්හි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා පසුගියාදා (05) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්. බී. එස්. අභයකෝන් මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත විය.ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් ආනයනික කෘෂි බීජ වෙනුවට වඩා ඉහළ ඵලදාවක් සහිත දේශීයව ගුණාත්මක බීජ නිෂ්පාදනය කටයුතු සිදු කරනු ලබයි. දෙමුහුන් බීජ නිෂ්පාදනය කිරීම, නව කෘෂි තාක්ෂණය භාවිතයට ගැනීම, කෙටිකාලීනව අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම, වෙළඳපොළ අවශ්‍යතාවයට ගැලපෙන බීජ ප්‍රභේද නිෂ්පාදනය කිරීම, දේශීය මෙන්ම විදේශ වෙළඳපොලට අලෙවි කටයුතු සිදුකිරීම ඇතුළු අංශයන් වෙත මෙම ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් යොමු කිරීමටද මෙම ව්‍යාපෘතිය මගින් පියවර ගෙන ඇත.මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කඩුගන්නාව බලන ප්‍රදේශයේ පවතින බීජ නිෂ්පාදන ව්‍යාපෘති නිරීක්‍ෂණය කිරීම මෙහිදී සිදු විය. මාළු මිරිස් දෙමුහුන් බීජ නිෂ්පාදනය සිදු කරන ව්‍යාපෘතියක්, දෙමුහුන් බටු බීජ නිෂ්පාදනාගාරයක් නිරීක්ෂණය කිරීම සිදුවිය, එසේම ගෙලිඔය ප්‍රදේශයේ ක්‍රියාත්මක දෙමුන් බීජ නිෂ්පාදනාගාරයක් ද ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් වූ අතර මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පවතින ගැටලු හා ආශ්‍රිතව කටයුතු පිළිබඳව විමසීම ද මෙහිදී සිදු කරන ලදී. එසේම ගෙලිඔය ප්‍රදේශයේ සිදුකරනු ලබන පලතුරු වගාවක් වන Hass අලිපේර ව්‍යවසායකයෙකු ගේ ව්‍යාපෘති නිරීක්ෂණ කටයුතුද සිදු කළ අතර ඉතා කෙටි කාලයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකිවීම, නිෂ්පාදන විවිධාංගිකරණය යොමුවීම මෙන්ම මෙම නිෂ්පාදන විදේශයන් වෙත අපනයනය කිරීමට ද සැලසුම් කොට පවතී.ලෝක බැංකු ආධාර මත මෙවැනි ව්‍යාපෘති 75ක් ක්‍රියාත්මක කෙරෙන අතර එමඟින් කෘෂි අංශය ප්‍රවර්ධනය කරමින් නව තාක්ෂණය සමඟ ඉහළ අස්වැන්නක් ලබාගැනීමටත්, කෘෂි බීජ ආනයනය කිරීම වෙනුවට රට තුළම බීජ නිෂ්පාදනයට යොමු වීම මගින් ව්‍යවසායකත්වයක් රට තුළ ගොඩනැගීමට කටයුතු යොදා පවතී.මෙම අවස්ථාව සඳහා මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් චන්දන වික්‍රමසූරිය, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජයලත් දිසානායක, කෘෂි නව්‍යකරන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, හිටපු කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රොහාන් විජේකෝන් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් රැසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook