සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහන මෙවරත්

මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහන මෙවරත්

මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහන මෙවරත් ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් මහනුවර, පිහිටි ආණ්ඩුකාර කාර්යාලයීය ශ්‍රවනාගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්.අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් (10) දින පැවැත්විණී.මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ සංචාරක දෙපාර්තමේන්තුව විසින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබිණි. මෙවර වැඩසටහන මහනුවර, දොඩම්වල එල්ලෙන පාලම ආශ්‍රිත මහවැලි ගඟ භාවිත කරමින් ත්‍රාසජනක සංචාරක සංකල්පය (Adventure Tourism Concept) ජනතාව අතරට ගෙනයාමේ අරමුණින් පැවැත්වීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.ඒ අනුව වැඩසටහන සාර්ථකව පැවැත්වීම සම්බන්ධයෙන් අදාළ ආයතන දැනුවත් කිරීම, අවශ්‍ය සහාය ලබා ගැනීම, අනුග්‍රාහක ආයතන සම්බන්ධ කර ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අදහස් යෝජනා ලබා ගැනීම ඇතුළු කරුණු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණී. මීට සමගාමීව නුවරඑළිය නල්ලතන්නිය ප්‍රදේශයේ ආශ්‍රිත ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය ඇති විභවතා සම්බන්ධයෙන්ද සාකච්ඡාවට භාජනය විය.මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන, සංචාරක අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන, මධ්‍යම පළාත් වෙළඳ, වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සඳමාලි හේවගේ, ප්‍රධාන හා අධ්‍යාපන, සංචාරක අමාත්‍යාංශයේ ගණකාධිකාරී ප්‍රශාන්ත මැද ගෙදර, අධ්‍යක්ෂ (සැලසුම්) කේ.ජී.එස්. නිශ්ශංක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර සහකාර ලේකම් චාමර අලහකෝන්, මධ්‍යම පළාත් කලාපීය ආර්ථික සංවර්ධන ආයතනයේ සභාපති, ආනන්ද ස්ටීවන් යන මහත්ම, මහත්මීන් ඇතුළු ආයතනවල රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ නියෝජනය කරමින් ත්‍රිවිධ හමුදා සහ පොලිසියේ නිලධාරීන්, සංචාරක හෝටල් හිමියන්ගේ සංගමය සහ මධ්‍යම පළාත් සංචාරක මඟ පෙන්වන්නන්ගේ සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook