යෝජිත දඹුල්ල නව රෝහල පිළිබඳ සාකච්ඡාවක්
යෝජිත දඹුල්ල නව රෝහල පිළිබඳ සාකච්ඡාවක්
ඉදිකිරීමට යෝජිත දඹුල්ල නව රෝහල සම්බන්ධයෙන් සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර, ආණ්ඩුකාර කාර්යාලයේදී (16) දින පැවැත්විණි.ඒ අනුව මෙම රෝහල දැනට පවත්වාගෙවන යනු ලබන ස්ථානයෙන්, තෝරාගත් වෙනත් ස්ථානයක් කරා ගෙන යාම සම්බන්ධයෙන් මේ දක්වා වූ ප්‍රගතිය හා එම ව්‍යාපෘතියේ මූලික අදියරේ කටයුතු කඩිනම් කර ගැනීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.ඊට අදාළව ඉඩම් අත්පත් කර ගැනීම, ගොඩනැගිලි සැලසුම් කිරීම, මාර්ග, ජලය, විදුලිය ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීම, ඉදිකිරීම් සඳහා ප්‍රතිපාදන සපයා ගැනීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා විණි.එමෙන්ම දැනට පවතින රෝහල කටයුතු පවත්වාගෙන යාම, සංචාරක සංවර්ධන අමාත්‍යාංශයේ අනුග්‍රහය යටතේ යෝජිත නව රෝහල ආශ්‍රිතව විදේශීය සංචාරකයන් සදහා විශේෂ ගෙවීමේ වාට්ටුවක් ස්ථාපනය කිරීම ඇතුළු මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අදහස් හා යෝජනා ලබා ගැනීම සහ ගැටළු හා විසඳුම් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාව සඳහා දඹුල්ල මහ නගර සභාවේ සභාපති වසන්ත කේ. රාජමන්ත්‍රී, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි, මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ නිහාල් වීරසූරිය, පළාත් ඉඩම් කොමසාරිස් කේ.ආර්.එම්. විජේතුංග, නාගරික සංවර්ධන අධිකාරියේ මධ්‍යම පළාත් අධ්‍යක්ෂ අනුර මැදවල, සහකාර අධ්‍යක්ෂ නිලන්ත පරණගම, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් එන්.එම්. උපේක්ෂා කුමාරි, දඹුල්ල රෝහලේ වැඩබලන රෝහල් අධිකාරි වෛද්‍ය අයි.ඩබ්. අරුණ කුමාර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක් වූහ
