කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය
කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය
මහනුවර අධ්‍යාපන කලාපයේ දෙල්තොට, කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතාගේ සහ එම විද්‍යාලයේ කීර්තීමත් ආදී ශිෂ්‍ය මහනුවර දිස්ත්‍රික් පාර්ලමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දි (08) දින පැවැත්විණී.මෙම උත්සවයේ දි 2024/2025 අධ්‍යයන වර්ෂවල අධ්‍යාපන හා විෂය බාහිර කටයුතු සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රයේ දස්කම් දැක්වූ සිසු සිසුවියන් සහ ඒ සඳහා දායකත්වය ලබාදෙන ලද විද්‍යාලයේ ගුරු භවතුන් ද ඇගයීමට ලක් කෙරිණි.
මෙහිදි අදහස් දැක් වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස්.බී.එස්. අභයකෝන් මහතා, දැනුම, කුසලතා සහ ආකල්ප යන සියල්ල ප්‍රශස්ත ලෙස පාසල් සිසුන් විසින් වර්ධනය කර ගත යුතු බවත් වර්තමානයේ පාසල් සිසුන් තුළ ආකල්ප වර්ධනයේ අඩුවක් දක්නට ඇති බව පැවසීය.
දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනයෙන් පරිපූර්ණත්වයට පත්වූ පුද්ගලයින් සමාජයට අත්‍යවශ්‍ය බවත් ඒ සඳහා වත්මන් රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අවධානය යොමු කොට ඇති බවත් සඳහන් කළේය.මෙම අවස්ථාව සඳහා ආණ්ඩුකාර සම්බන්ධීකරණ ලේකම් ඩී.එම්. හේරත් බණ්ඩා, කරගස්කඩ මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති එන්.ජී. චන්ද්‍රසේන යන මහත්වරුන් ඇතුළු ගුරු භවතුන්, කලාප අධ්‍යාපන කාර්යලයේ නිලධාරීන්, සුබ පතන්නන්, දෙමාපියන් සහ සිසු දරුවන් පිරිසක් එක් වූහ.
