මහනුවර යනු සවස 6.00න් පමණ පසු කෙමෙන් නිද්‍රාවට පත්වන නගරයක් බවත්, මහනුවර නගරයේ සංවර්ධනය තීව්‍ර කිරීමට එය බාධාවක් බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා පවසයි . එසේම මහනුවර නගරයේ සංවර්ධනය ඉදිරියට ගෙන යා හැකි ප්‍රාමාණික බුද්ධිමතුන් හා ආයතන එක්ව ක්‍රියා කිරීමේ වැදගත්කම ද ඔහු පෙන්වා දුන්නේ ය.
පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා මේ අදහස් පළ කළේ ඊයේ (27) පළාත් ආණ්ඩුකාර කාර් යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැති නාගරික සංවර්ධන අධිකාරියේ මහනුවර නගර ව්‍යාපෘතිය පිළිබද කරුණු සාකච්ඡා කිරීම වෙනුවෙන් කැඳවා තිබූ සාකච්ඡාවක මුලසුන දරමිනි.
මේ අවස්ථාවට මහනුවර නගරාධිපති කේසර සේනානායක , නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේශ් හේරත් ,එහි අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර , පලාත් මගී ප්‍රවාහන සේවා අධිකාරියේ සභාපති පරාක්‍රම දිසානායක හා ශ්‍රී දළදා මාළිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල යන මහත්වරුද, පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න හා මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුද ,රාජ්‍ය හා අර්ධ රාජ්‍ය ආයතන ගණනාවක ප්‍රධානීහුද එක්ව සිටියහ .
සාකච්ඡාවේදී කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කෙරිණි . ඒ බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය, රථ වාහන තදබදය ,සංචාරක ව්‍යාපාරය , ලෝක උරුම ගොඩනැගිලි , මධ්‍යම වෙළෙඳ පොළ යන ප්‍රවේශ ඔස්සේය .
සාකච්ඡාව අවසන සමාලෝචනයක නිරත වෙමින් ආණ්ඩුකාර ගමගේ මහතා සඳහන් කළේ නාගරික සංවර්ධන අධිකාරිය සියලු පාර්ශ්ව සමඟ එක්ව මහනුවර සංවර්ධනය වෙනුවෙන් කැප විය යුතු බව යි. ප්‍රගතිය විමසමින් මෙම සියලු පාර්ශ්ව ද්විමාසිකව හෝ රැස්වීමේ අවශ්‍යතාවද ඔහු පෙන්වා දුන්නේය .