සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත්  ප්‍රධාන අමාත්‍ය අරමුදල  යලි සක්‍රිය කෙරේ.

මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල යලි සක්‍රිය කෙරේ.

මධ්‍යම පළාත තුල රාජ්‍ය මට්ටමෙන් වන මැදිහත් වීමට අමතරව  ආගමික,අධ්‍යාපනික , සංස්කෘතික, ක්‍රීඩා හා සෞඛ්‍ය සේවා  ඇතුළු ජනතාවට සහාය විමේ අරමුණෙන් ආරම්භ කරන ලද මධ්‍යම පලාත් ප්‍රධාන අමාත්‍ය අරමුදල ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ උපදෙස් පරිදි  යලි සක්‍රිය කෙරේ. 

2018 වසරේ පළාත් සභාවේ නිල කාලය අවසන් වීමෙන් අනතුරුව අරමුදලේ දායකත්වයෙන් ක්‍රියාකාරී වැඩසටහන් දියත් කිරීමට නොහැකි වූ නමුත් ,  වෛද්‍යාධාර හා  විදේශීය ක්‍රීඩා තරග සංචාර ප්‍රදානයන්,  කැපකරු මාපිය ව්‍යාපෘතියේ මාසික ආධාර මුදල්  වැනි අත්‍යාවශ්‍ය වැඩසටහන් වල ප්‍රතිලාභී න්   සදහා වූ මුල්‍යමය පරිත්‍යාගයන් සිදු කෙරෙණි.අමතරව කොවිඩ් වසංගත පාලනය සදහා ඖෂධ සහ උපාංග සපයාගැනීමේ දී  විශාල දායකත්වයක් ද අරමුදලෙන් ලබාදීමට කටයුතු කලේය. 

නව පාලක සාමාජිකයන් නම් කිරීමෙන් අනතුරුව ඒ සදහා ක්‍රියාකාරී නව වැඩපිළිවෙලක් දියත් කිරීම සදහා  වු සාකච්ඡාවක් අද දින (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. මෙම අවස්ථාවට පලාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න , හිටපු ප්‍රධාන ලේකම් වරයෙක් වූ පි,ජි අමරකෝන් යන මහත්වරුන් ඇතුළු කමිටු සාමාජිකයන්  පිරිසක් ඊට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook