මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන විවිධ ව්‍යසනයන් පාරිසරික තුලනය බිද දමනවා- මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සිදුවන විවිධ ව්‍යසනයන් පාරිසරික තුලනය බිද දමනවා. ඒ සදහා පවතින නිතින් ක්‍රියාත්මක නොකිරීම ප්‍රබල ගැටළුවක් බවට අද පත් වී තියෙනවා. ස්වාභාවික දේවල් විනාශ කිරීමෙන් අප නොසිතු දේවල් භුක්තිවිදීමට සිදුවෙනවා. මේ දේවල් සිදු කරන්නෙත් මිනිසුන් වීමයි ගැටලුව. මේ සදහා රාජ්‍ය ආයතන සතු නීතිමය බලය පාවිච්චි කිරීමේ කාලය දැන් උදාවෙලා පවතිනවා. අක්‍රමවත් ජල කලමනාකරණය, නීතිවිරෝධී අනවසර ඉදිකිරීම් , ජලය බැස යන කානු පද්ධතියේ දුර්වලතා ආදිය සියලුම ව්‍යාපෘති සදහා බලපානවා වගේම මේවා ජනජීවිතයට ප්‍රබල ගැටළුවක් වෙලා තියෙනවා. අපි ගැටළු ඇති වුනාම විසදුම් හොයනවා වෙනුවට ස්ථිරසාර වැසටහනක් ක්‍රියාත්මක කිරීම කාලින අවශ්‍යතාවයක් වී පවතිනවා යි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ 27දා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවනාගාරයේදී පවත්වන ලද මධ්‍යම පළාතේ ආපදා කළමනාකරණය පිළිබදව විශේෂ සාකච්ජාවකට එක් වෙමිනි.
දැනට මධ්‍යම පළාතේ ආපදාවයන්ට ලක්ව ඇති ප්‍රදේශ පිළිබදව තොරතුරු මෙහිදී ඉදිරිපත් කරන ලද අතර , මහනුවර නගරය ,අකුරණ ,ගම්පොල හා වෙනත් ප්‍රදේශයන්හි ඇතිවූ ආපදාවයන් සමනය කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවරයන් පිළිබදව විමසා බැලීම සිදු කරන ලදී. එක් එක් ආයතනයන් විසින් තම ප්‍රදේශයේ පවතින ආපදාවයන් හා දැනට ගෙන ඇති පියවරයන් පිළිබදව කරුණු ඉදිරිපත් කිරීම සිදු කළ අතර, සතියක් ඇතුලත කඩිනම් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් වූ කමිටුවක් ස්ථාපිත කිරීම ද මෙහිදී සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා මහනුවර නගරාධිපති කෙසර සේනානායක , අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාදුදින් ඇතුළු ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් ,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න ,ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අජිත් ප්‍රේමසිංහ ,මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මදුපානි පියසේන, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් , ආරක්ෂක අංශ නියෝජනය කරමින් මේජර් ජනරාල් රෝහිත අලුවීහාරේ, නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානින් රැසක් එක් විය.