
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනකූ විසින් කරනු ලැබූ චෝදනා සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී ක්‍රියාවක කොටසක්.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනකූ විසින් කරනු ලැබූ චෝදනා සැලසුම් සහගත කුමන්ත්‍රණකාරී ක්‍රියාවක කොටසක්.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරියන් දෙදෙනකූ විසින් තමා පිලිබදව නගනු ලබන චෝදනා සහ විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් අද පෙරවරුවේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට යටත්ව ඒක පාර්ශවීය ලෙස කරනු ලැබූ ප්‍රකාශය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය (5) පස්වරුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා කරුණු පැහැදිලි කළේය.
එහිදී මාධ්‍යවේදීන් වෙත කරුණු දැක්වූ ගමගේ මහතා ,තමා එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් එය හුදෙක් දීර්ඝ කාලයක් තිස්සේ තමා විසින් ගොඩනගාගත් කීර්ති නාමය පලුදු කිරීමේ අරමුණෙන් යුතුව අවස්ථාවාදී ලෙස සැලසුම් සහගතව කුමන්ත්‍රණකාරී ව සිදු කළ එකක් බවත් සදහන් කළේය.
තව දුරටත් එම සිද්ධියට අදාළ පසුබිම පැහැදිලි කල ආණ්ඩුකාරවරයා, කාර්යබහුල දිනයක් වූ 4 වැනිදා දින පස්වරු දෙකට පමණ තමන් කලින් යොදා ගත් පරිදි 75 වන නිදහස් දින උළෙල සංවිධානය පිළිබද පවත්වන ලද සාකච්ඡාව සදහා සහභාගිවීමට සූදානමින් සිටියදී සිය ආරක්ෂක අංශ විසින් මන්ත්‍රීවරියන් දෙදෙනකු ඇතුළු පිරිසක් තමන් හමුවට යොමු කළ බවත් ඔවුන් කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභා සභාපති වරයා සම්බන්ධ චෝදනාවන් වාචිකව ඉදිරිපත් කළ බවත්, මේ සදහා තමන් වෙත ලිඛිත පැමිණිල්ලක්, යම් වාර්තා ඇත්නම් ඒවා නිවැරදි ආකාරයෙන් ලබාදෙන ලෙස තමන් ඉල්ලා සිටි බවත්, රැස්වීම සදහා සහභාගිවීමට අවශ්‍යව ඇති බැවින් ඔවුන් ගෙනා ලිපි ලේඛන ඔවුන් වෙත ලබා දුන් බවත් , ඒ අවස්ථාවේ ඔවුන් තරමක චෝදනාත්මක ස්වරූපයකින් තමන් වෙත සිය කරුණු දැක්වූ බවත් ප්‍රකාශ කල ගමගේ මහතා තමන් ඔවුන් පවසන පරිදි විසින් ඔවුන්ගේ ලේඛන උදුරා ගැනීමක් හෝ ඒවා පොඩි කොට විසිකිරීමක් සිදු නොකළ බවත්, එවන් තත්ත්වයකට පත් වීමට තරම් හේතුවක් පැන නොනැගි බවත් ඔවුන් ගෙනා ලේඛන සුරක්ෂිතව කාර්යාලයෙන් පිටතට ඔවුන් ගෙනයනු ලබන ආකාරය හා ඔවුන් කිසිදු කලබලයකින් තොරව තම කාර්යාලයෙන් පිටත්ව යන ආකාරය ආරක්ෂක පද්ධතියේ දත්ත නැවත පිරික්සීමේදී තහවුරුවන බවත් ප්‍රකාශ කරනු ලැබිය.
තවද වගකිව යුතු හා නීති ගරුක පුරවැසියෙකු ලෙස ස්වේච්ඡාවෙන් පොලීසිය වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන් බවත් ආරක්ෂක කැමරා පද්ධතියේ දත්ත පොලිසිය වෙත තමන් විසින් බාරදුන් බවත් මෙහිදී ප්‍රකාශ කොට සිටි ආණ්ඩුකාරවරයා තමන් පන්සිල් රකින සැබෑ බෞද්ධයෙක් බවත්, වසර තුනක සේවා කාලය තුල කිසිදු ආකාරයෙන් තම කාර්යාල පරිශ්‍රය තුලදී එය බිද දමා ඇතැයි ඔප්පුකිරීම සඳහා විපක්ෂ සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට අභියෝග කරන බවත් මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්න සදහා පිළිතුරු ලබාදෙමින් කියා සිටියේය.
අදාළ CCTV දර්ශන හා මාධ්‍ය සාකච්චාවේ දර්ශන
https://youtu.be/uBNooeR4dDE
මාධ්‍ය සාකච්චාවේ දර්ශන
https://youtu.be/OjlyzFfd2iI
කාර්යාලයට රැගෙන එන ලේඛනය සහ එය ආපසු කලබලයකින් තොරව රැගෙන යන ආකාරය ජායාරූප වලින් දැක්වෙයි