
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන්ගේ චෝදනා අසත්‍යයි.- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන්ගේ චෝදනා අසත්‍යයි.- මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ.
කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියන් දෙදෙනෙකු මහනුවර පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කරමින්, තමා තම කාර්යාලයේදී ඔවුන් පීඩනයට පත් වන අයුරින් කටයුතු කළා බව පැවසෙන සිද්ධිය මුළුමනින් ම අසත්‍ය ප්‍රකාශයක් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා පවසා සිටියේය.
එම මහතා මෙසේ සඳහන් කර සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සදහා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (5) මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දක්වමින් ගමගේ මහතා සදහන් කර සිටියේ, අදාල සිද්ධියට සම්බන්ධයැයි පැවසෙන මන්ත්‍රීවරියන් දෙදෙනා තවත් පුද්ගලයෙකු සමග සිය කාර්යාලය වෙත 4 දා පස්වරුවේ පැමිණ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව ඉදිරිපත් වු චෝදනා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තමාගෙන් ඉල්ලීම් කළ බවත්, එය ලිඛිත ව තමා වෙත ලබාදෙන ලෙසත්, එය පළාත් පාලන කොමසාරිස්වරයා හරහා විභාගකරමින් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවත් දන්වනු ලැබීය.
ඉන් අනතුරුව අදාළ මන්ත්‍රීවරියන් දෙදෙනා සහ පුද්ගලයා සිය කාර්යාල කාමරයෙන් පිටව ගිය බවත්, ඔවුන් සදහන් කර ඇති ආකාරයේ කිසිදු සිදුවීමක් එම අවස්ථාවේදී ඇති නොවු බවත්, අදාල සිද්ධිය සනාථ කිරීමේ CCTV දර්ශන තමා සතුව පවතින බවත් ගමගේ මහතා මාධ්‍ය වෙත කරුණු දැක්විය.
ඉහත සිද්ධිය සම්බන්ධයෙන් 5දා පාර්ලිමේන්තු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සිදුකළ ප්‍රකාශය පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කළ ඒකපාර්ශවීය ප්‍රකාශයක් බවත්, එය හුදෙක් පටු දේශපාලන අරමුණු ඉටු කරගැනීමේ අරමුණින් ම සිදු කළ බවත් ගමගේ මහතා තවදුරටත් පැවසීය.