
මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම්.
මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම්.
මහනුවර වාර්ෂික පංචරථ තේරු මහෝත්සවය අප්‍රේල් 04 දා පැවැත්වීමට සැලසුම් කර ඇත. ඒ අනුව එහි ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (21) පැවැත්විය.
ඒ අනුව, එළඹෙන මාර්තු මස 27 දා කප් සිටුවීමෙන් ආරම්භ වන මෙම උත්සව මාලාව අප්‍රේල් මස 4 වන සිකුරාදා දින දක්වා පැවැත්වීමට නියමිත අතර, අදාල උත්සව මාලාව සදහා වන අවශ්‍ය පහසුකම් ලබාදීම, ආරක්ෂක කටයුතු සහ වෙනත් මූලික කරුණු මෙහිදී සාකච්ඡාවට බදුන් වූ අතර, මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, මහනුවර ශ්‍රී සෙල්වවිනායාගර් තිරුක්කෝවිලේ ප්‍රධාන භාරකරු ගෝවින්දසාමි ක්‍රිෂ්ණමූර්ති මහතා, සහකාර ආණ්ඩුකාර ලේකම් මිහිරාන් බණ්ඩාර, මහනුවර පොලිසිය, විදුලිබල මණ්ඩලය, පළාත් මගී ප්‍රවාහන අධිකාරිය ආදී ආයතන නියෝජනය කරමින් පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.