
මහනුවර නගරයේ ත්‍රි රෝද රථ නියාමනයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.
මහනුවර නගරයේ ත්‍රි රෝද රථ නියාමනයට ඒකාබද්ධ වැඩපිළිවෙලක්.
ලෝකයාගේම අවධානයට සහ ගෞරවයට පාත්‍ර වන පුජනීය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් ට සුරක්ෂිත සහ විශ්වාසනීය ප්‍රවාහන මාධ්‍යයක් ලෙස ත්‍රි රෝද රථ සේවාවන් සංවර්ධනය කොට නියාමනය කරමින් පවත්වා ගෙන යාම සදහා වූ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 27 දින පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡා වක දී සියලු පාර්ශව වල එකගතාවය පල කෙරේ.
මහනුවර නගර සීමාව තුල ත්‍රි රෝද රථ නැවතුම් ස්ථාන 170 ක ලියාපදිංචි රථ සංඛ්‍යාව වන 1811 ක් දිනපතා නගරයේ සේවාවන් සැපයීමේ නිරත වේ. අමතරව විවිධ ආයතන වල ලියාපදිංචිය ලබා ගත් තවත් රථ 500 ක පමණ ප්‍රමාණයක ද නගරයේ රථගාල් භාවිතයට නොගෙන තැන තැන ස්ථානගතව සේවාවන් සපයනු ලබයි.
මේ සියල්ල නියාමය කිරීමේ වගකීම මධ්‍යම පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැවරේ. නගර සීමාව තුල රථ ගාල් නම් කිරීම හා පවත්වා ගෙන යාම , බලපත් නිකුත් කිරීම ආදිය මහනුවර මහා නගර සභාව මගින් ඉටුකෙරෙයි. නමුත් නගරයේ වාහන තදබදයට බලපාන ප්‍රධානම සාධකයක් ලෙසත් , නගරය තුල සහ තදාසන්න ප්‍රදේශ ආශ්‍රිතව සිදුවෙන විවිධ විෂමාචාරයන් සහ සමාජ විරෝධී ක්‍රියා සදහා ඍජුව හෝ වක්‍රව මෙම කර් මාන්තයේ නිරත පිරිස ගේ සම්බන්ධතාවයන් ද නිරන්තර වර් ථාවේ.
තවද දෙස් විදෙස් සංචාරකයන් ගෙන් අධික ලෙස ගාස්තු අයකර ගැනීම් සහ අපහසුතාවයන් ට ලක් වූ අවස්ථා ද බහුලව අසන්නට ලැබෙන අතර ඒ තුලින් රට පිලිබදව සහ නගරය පිලිබදවත් ඇතිවන අයහපත් චිත්‍රය සමස්තය කෙරෙහි ම බලපෑම් ඇති කරවන්නකි.
මෙම සියලු තත්වයන් සැලකිල්ලට ගෙන ඒ පිලිබදව 2019 වසර අග භාගයේ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් සියලු පාර්ශවයන් කැදවා එළබි එකගතාවයන් කෝවිඩ් වසංගත සමය සහ ඉන් අනතුරු කාලය තුල ක්‍රියාත්මක කිරීමට නොහැකි වුව ද එය නැවත සමාලෝචනය කොට වහාම ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවය සමාජය තුලින් ද මතුවී ඇත.
මෙහිදී මධ්‍යම පළාත් සභාව මුලිකත්වයෙන් , මහා නගර සභාව, පොලිසිය, මාර්ග අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය , මගී ප්‍රවාහන සේවා අධිකාරිය මහනුවර ක්‍රි රෝද රථ සංගමය ඇතුළු සියලු පාර්ශවයන් ගේ දායකත්වයෙන් නිශ්චිත ගාස්තු රටාවකට , මීටර් ක්‍රියාවට නැංවීම , රථ හිමියා හෝ රියදුරු ගේ අනන්‍යතාවය හදුනා ගැනීමේ හැකියාව ඇතුළු අත්‍යාවශ්‍ය සියලු කාරණා වලින් සමන්විත ව්‍යාපෘතියක් ලබන මස 15 දිනට පෙර සකස් කොට පොදු එකගතාවයකට එලබීමට මෙහිදී සියලු පාර්ශවයන් කැමැත්ත පල කළේය.
මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් ,අමාත්‍යාංශ ලේකම් වරුන් ,අදාළ ආයතන ප්‍රධානින් , මුලස්ථාන පොලොස් පරීක්ෂක ඇතුළු පොලිස් නිලදරුවන් , නාගරික කොමසාරිස් ඇතුළු නගර සභා නිලධාරින් සහ මහනුවර ත්‍රි රෝද රථ සංගමයේ නිලධාරින් සහ නියෝජිතයන් ද එක් වූ අතර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී මෙම සාකච්ඡා ව පැවැත්විය.