සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර , මාතලේ දිසාවට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ,

මහනුවර , මාතලේ දිසාවට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ,

මහනුවර , මාතලේ දිසාවට නව නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ,
සිය රාජකාරී සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුකාරවරයා දැනුවත් කරයි .
මහනුවර සහ මාතලේ දිසාව භාර නව නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් වූ මහින්ද දිසානායක මහතා අද පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී හමුවී සිය රාජකාරි වාර්තා කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදු කෙරෙණි. .
මෙහිදී ආණ්ඩුකාරවරයා සහ නව නියෝජ්‍ය පොලිස්පතිවරයා අතර කරුණු රැසක් සාකච්ඡා වු අතර, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානයන්හී සිදුවන අපරාධ සහ පාසල් ආශ්‍රිතව සිදුවන මත්ද්‍රව්‍ය අලෙවි කිරීම හා සමාජ විරෝධී ක්‍රියා පාලනය කිරීමත් , අපරාධ සම්බන්ධයෙන් මාධ්‍යය මගින් කරුණු ලබන වාර්තා පිලිබදවත් දැඩි ලෙස අවධානය යොමු කිරීම පිළිබද ව දීර්ඝව සාකච්ඡාවට ලක් විය. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙස ආණ්ඩුකාරවරයා නව නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දුන් අතර හැකිතාක් පළාත තුල එවන් නීති විරෝධී කටයුතු සිදුවීම වැළක්වීමට පියවර ගන්නා ලෙස ද ඒ සදහා අවශ්‍ය සහයෝගය ක් ලබා දීමට සුදානම් බවත් ආණ්ඩුකාරවරයා පැවසිය.
මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න, මහනුවර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක යන මහත්වරුන් ද එක් ව සිටියේය.

 

 

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook