සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ලංකා බිස්නස් රින්ග් (L B R) සංවිධානයේ අරමුණු හා කාර්යභාරය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා දැනුම්වත් කෙරේ.

ලංකා බිස්නස් රින්ග් (L B R) සංවිධානයේ අරමුණු හා කාර්යභාරය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා දැනුම්වත් කෙරේ.

මහනුවර පාදක කොටගෙන ආරම්භ වී මේ වන විට දිවයින පුරාම පැතිරුණු සාමාජිකත්වයකින් සමන්විත ලංකා බිස්නස් රින්ග් (L B R) සංවිධානයේ අරමුණු හා කාර්යභාරය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතා දැනුම්වත් කෙරේ. මේ සඳහා ලංකා බිස්නස් රින්ග් හි සභාපති පසන් චන්ද්‍රසේකර, භාණ්ඩාගාරික තුසිත් සමරකෝන්, එහි කාන්තා සංසදයේ සභාපතිනි අනෝජා ජයසේකර හා කාන්තා වාණිජ මණ්ඩලයේ සභාපතිනි කාන්ති මඩගම්මන යන මහත්ම මහත්මීහු පසුගිය (09) පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී ආණ්ඩුකාර ගමගේ මහතා හමුවූහ. අනතුරුව ඔවුන් ආණ්ඩුකාර ගමගේ මහතා වෙතින් විමසුවේ මධ්‍යම පළාතේ අභිවෘද්ධිය වෙනුවෙන් තමනට දායක විය හැකි ආකාර පිළිබඳව ය. මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාර ගමගේ මහතා කියා සිටියේ පළාත් සභා ව්‍යාපෘති වන ‘නිදහසේ මාවත’, බෝගම්බර පැරණි බන්ධනාගාර පරිශ්‍රය නව්‍ය ආකාරයෙන් හා ඵලදායී ආකාරයෙන් භාවිත කිරීම ආදී කාර්යයන් සඳහා ලංකා බිස්නස් රින්ග් සංවිධානයේ සහය අතිශය වැදගත් වනු ඇති බව යි. ලංකා බිස්නස් රින්ග් සංවිධානය සිංහල , දමිළ හා මුස්ලිම් ව්‍යාපාරික ප්‍රජාවගෙන් සමන්විත පුළුල් සංවිධානයක් සේ ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ඔහු සිය සතුට ද පළ කළේ ය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook