සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මැදරට නිපැයුම් වැලිකතරේ වෙළදපලට.

මැදරට නිපැයුම් වැලිකතරේ වෙළදපලට.

මැදරට නිපැයුම් වැලිකතරේ වෙළදපලට. මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාන ව්‍යවසායකයන් ගේ නිෂ්පාදන සදහා වෙළද පොළ අවස්ථා පුළුල් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු වේ. පසුගියදා පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා සහ පලස්තීන, ඊජිප්තු, සහ එක්සත් අරාබි එමිරේට් තානාපතිවරුන් අතර පැවති හමුවක දී පුළුල් ලෙස අදහස් හුවමාරු කරගනු ලැබිය. අරාබි එකමුතුව නියෝජනය කරමින් එහි ප්‍රධානී පලස්තීන තානාපති ආචාර්ය සුහෙයිර් ඩාර් සයිඩ්, එක්සත් අරාබි එමිරේට් තානාපති කාලිඩ් නසිර් අල්මෙරි, ඊජිප්තු තානාපති මජීඩ් මොස්ලේ යන මහත්වරුන් සහභාගී වූ මෙම අවස්ථාවට සමගාමිව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලය පරිශ්‍රයේදී දේශීය නිෂ්පාදන ඇතුලත් ප්‍රදර්ශනයක් ද පැවැත්විණ . මෙය තානාපතිවරුන් සදහා වෙනස් ම අත්දැකීමක් වූ අතර එක් එක් ව්‍යවසායකයින් සමග ඒ ඒ නිමැයුම් පිලිබදව අදහස් හුවමාරු කර ගත් අතර දේශීය නිෂ්පාදන වල ගුණාත්මක තත්වයන් වැඩි දියුණු කරගැනීමට සහ විශේෂයෙන් අරාබිකරයේ වෙළද පොළ තුල ශ්‍රීලංකා නිමවුම් සදහා ඇති අවස්ථා පැහැදිලි කළේය. ප්‍රදර්ශනයට ඉදිරිපත් කොට තිබු විවිධ භාණ්ඩ තානාපතිවරුන් විසින් මිල දී ගැනීමත් , දිරිමත් කිරීමත් කාගේත් සතුටට හේතුවිය. පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙම අවස්ථාව සදහා එක්වූ අතර පළාත් කර්මාන්ත සංවර්ධන සහ ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත මහතාගේ සම්බන්ධීකරණයෙන් මෙම ප්‍රදර්ශනය සංවිධානය කෙරෙණි .

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook