සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල.

දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල.

දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලීය නිවාසාන්තර ක්‍රීඩා උළෙල. දුම්බර රාජකීය ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ක්‍රීඩාංගනයේදී ඉකුත්දා (22) පැවැත්විය. ඕලු ,නෙළුම්, මානෙල් යන නිවාස වලට බෙදී දරුවන් තම ක්‍රීඩා දක්ෂතා ඉදිරිපත් කළ අතර මෙහිදී අණ්ඩුකාරවරයා අතින් ජයග්‍රාහකයන් සඳහා කුසලාන හා සහතික පත් ප්‍රදානය කිරීම ද සිදු කෙරිණ. පාසලේ විදුහල්පති ඒ.එම්.සරත් අබේසිංහ මහතා ගේ මූලිකත්වයෙන් සංවිධානය කර පැවති මෙම වැඩසටහන සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර, යන මහත්ම මහත්මීන්, අවට විදුහල් වල විදුහල්පතිවරුන්, දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් එක් ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook