සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මනුෂ්‍ය ජීවය රැදී පවතින්නේ කාන්තාව මතයි.

මනුෂ්‍ය ජීවය රැදී පවතින්නේ කාන්තාව මතයි.

මනුෂ්‍ය ජීවය රැදී පවතින්නේ කාන්තාව මතයි. මධ්‍යම පළාත් කාන්තා දින සැමරුමේදී පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා කියයි. මනුෂ්‍ය ජීවය රැදී පවතින්නේ කාන්තාව මත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා සදහන් කර සිටී. මේ බව ඒ මහතා සදහන් කර සිටියේ මධ්‍යම පළාත් කාන්තා දින සැමරුම මධ්‍යම පළාත් සභා ශ්‍රවණාගාරයේදී (29) පැවති අවස්ථාවේදී අදහස් දක්වමිනි. මධ්‍යම පළාත් කාන්තා ව්‍යවසායිකාවන් 36 දෙනෙකුගේ සේවය අගය කරමින් ඇගයීම් සහතික ලබාදීම සිදුවු අතර, කාන්තා ව්‍යවසායකියින් දිරිමත් කිරීමෙහි ලා ව්‍යවසායිකාවන් 35 දෙනෙකු සදහා පොල් පැල සහ ව්‍යවසායිකාවන් 50 දෙනෙකු සදහා කුකුලු පැටවුන් ලබාදීම ද මෙහිදී සිදුවිය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ කාන්තාවන්ට ගෞරවය ලබා දීම දිනයකට සීමා නොවිය යුතු බවත්, කාන්තාව දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමෙහිලා ලබාදෙන්නා වූ සහය ඉතා සුවිශේෂි බවත් එසේ සුවිශේෂි ශක්තියක් ලබාදෙන කාන්තාවන් සදහා ලබාදිය යුතු නිසි ගෞරවය ලබාදෙන්නේද යන ගැටලුව පවතින බවත් ය. මෙම වැඩසටහන සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ විධායක අධ්‍යක්ෂ මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන ලේකම් කුමුදුණි කරුණාරත්න, පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් උපාලි රණවක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook