සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

සෙංකඩගල වෙසක් කලාපයේ කටයුතු ආරම්භ කිරීම

සෙංකඩගල වෙසක් කලාපයේ කටයුතු ආරම්භ කිරීම

මහනුවර නගරය කේන්ද්‍ර ගත කර ගනිමින් පැවැත්වෙන සෙංකඩගල වෙසක් කලාපයේ කටයුතු ආරම්භ කිරීම පසුගියදා (02) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේදී සිදුකෙරෙන.ගැටඹේ රාජෝපවනාරාමය විහාරස්ථානය මුල්කරගනිමින් රාමඤ්ඤ නිකායේ අනුනායක කැප්පිටියාගොඩ සිරිවීමල නා හිමියන් ගේ ප්‍රධානත්වයෙන් පැවැති බෝධිපූජා පින්කම් මාලාවෙන් මෙය ආරම්භ කරන ලද අතර මෙවර සෙංකඩගල වෙසක් කලාපය මහනුවර නගරය කේන්ද්‍ර ගතකර ගනිමින් කලාප 09ක් යටතේ පුරා සතියක කාලයක් ඇතුලත ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ සංවිධානයෙන් පැවති මෙම අවස්ථව සඳහා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක, ආණ්ඩුකාර ලේකම් මංජුල මඩහපොල, කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, සංචාරක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අනුරී තිලකරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook