සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

නුවරඑළිය අධ්‍යාපන කලාපයට නව අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්.

නුවරඑළිය අධ්‍යාපන කලාපයට නව අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්.

නුවරඑළිය අධ්‍යාපන කලාපයට නව අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක්.
නුවරඑළියේ අධ්‍යාපන කලාපයේ නව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ලෙස ඩී එම් පී සී අබේරත්න මහතා පත් කෙරේ.
අද (21) පෙරවරුවේ අදාල තනතුරු සඳහා වූ පත්වීම් ලිපිය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතා අතින් පිරිනැමිණ.
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීයෙකු වන අබේරත්න මහතා 1990/01/01 දින ගුරු සේවයට එක් වෙමින් නුවරඑළිය පැරකුම්බාපුර ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රාජකාරි ආරම්භ කරනු ලැබීය. අනතුරුව අඹේවෙල හිටිගල සහ නානුඔය ශ්‍රීමත් ජේම්ස් පීරිස් විද්‍යාලයේ සේවය කරනු ලැබුවේ වරින් වර නියෝජ්‍ය විදුහල්පතිවරයකු ලෙස ද කටයුතු කරමිනි.
2007 වර්ෂයේ නුවරඑළිය අධ්‍යාපන කලාප කොට්ඨාස භාර සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස ද, 2017 වර්ෂයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස සහ අනතුරුව කොත්මලේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ වරයා වශයෙන් ද සේවය කරනු ලැබුවේය.
අබේරත්න මහතා ශ්‍රීමත් ජේම්ස් පීරිස් විද්‍යාලයේ හා නුවරඑළිය ගාමිණී මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook