සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ බර්නාඩ් අලුවිහාරේ  ක්‍රීඩාංගනයේ නවීකරණය කෙරේ.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේ නවීකරණය කෙරේ.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේ නවීකරණය කෙරේ. මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනයේ නවීකරණ කටයුතු ආරම්භ කිරීම පසුගියදා (04) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරින.අංගසම්පූර්ණ ක්‍රීඩාංගණයක් ලෙස නවීකරණය කරමින් පහසුකම් ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 47.5 ක මුදලක් මේ සඳහා වෙන්කර ඇති අතර ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ මැදිහත්වීම මත මෙම කාර්යය කඩිනමින් අවසන් කිරීමට නියමිතය.වසර අටකට අධික කාලයක් නවීකරණය නොවී පැවති මෙම ක්‍රීඩාංගණය නවීකරණය කිරීමෙන් මාතලේ දිස්ත්‍රික්කයෙන් දක්ෂය ක්‍රීඩා පරපුරක් රටට දායාද කිරීමට හැකිවන බවත්, මෙවැනි ආයෝජනයන් රටේ අනාගත පරපුර වෙනුවෙන් සිදු කළ යුතු බවත්, මධ්‍යම පළාත් අණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පැවසීය. ක්‍රීඩාවේ ජීව ගුණය ඇති කිරීමට නම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට නිරන්තරයෙන් පහසුකම් ලබා දිය යුතු බවත්, අනාගත පරපුර වෙනුවෙන් සිදුකරන මෙවැනි ආයෝජනයන් රට සංවර්ධන මාවතකට ගෙනඒම සදහා අවශ්‍ය ම අංගයක් වන බව ද ඒ මහතා පැවසීය. මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහන දිසානායක , මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න,ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් එන්. කුලසුරිය , මාතලේ මහ නගර සභාවේ කොමසාරිස් එන්. මාද්දුවගේ, මාතලේ දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරි අජිත් කුලතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook