
පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයයිය අධ්‍යාපනික ප්‍රදර්ශනය ආණ්ඩුකාරවරගේ ඇගැයීමට.
පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයයිය අධ්‍යාපනික ප්‍රදර්ශනය ආණ්ඩුකාරවරගේ ඇගැයීමට.
වත්තේගම අධ්‍යාපන කලාපයට අයත් පන්විල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලය විසින් සංවිධානය කළ අධ්‍යාපනික ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ඇගැයීමට ලක්වේ.
ප්‍රදර්ශනයේ තෙවන දිනය වූ අද නිල වශයෙන් ප්‍රදර්ශනය විවෘත කෙරුණේ ආණ්ඩුකාර ගමගේ මහතාගේ සුරතිනි. මෙහිදී අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳ ව දරුවන් තුළ විෂයානුබද්ධ අවබෝධයක් ලබා දිය යුතු බව යි. තරගකාරී අධ්‍යාපන රටාවකට තල්ලු වී සිටින දරුවන්ගේ නිදහස් චින්තනය අවදි කරවීම ඔස්සේ නව නිර්මාණ බිහි කිරීමටත් , ශක්‍යතා ප්‍රවර්ධනය හා අත්හදා බැලීම් සඳහා අවස්ථා නිර්මාණය කරදීමටත් මෙබඳු ප්‍රදර්ශන වෙතින් අවකාශ සැලසෙන බව ද ඔහු වැඩි දුරටත් කියා සිටියේ ය.
ගමගේ මහතා අවධාරණය කළේ ස්වභාවික පරිසරය අත්විඳිමින් ද, නූතන තාක්ෂණය හා බද්ධ වෙමින් ද සිසුනගේ විවිධ කලා හා නිර්මාණාත්මක ප්‍රවේශයන් එළිදැක්වීමෙහි ලා මෙවැනි ප්‍රදර්ශන වාර්ෂිකව සංවිධානය විය යුතු බව යි.